ඉරාන ජනාධිපති ශ්‍රි ලංකාවේ නිල සංචාරයක | Saru News Media

0
16

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි ලබන 24 වෙනිදා සංචාරයක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ඉදිකෙරුණ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා වන නිල උත්සවයට සහභාගී වීම සඳහායි ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ.

2011 වසරේ දී ඉදිකිරීම් ඇරඹුණු උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ජාතික ඉංජිනේරුවන් විසින් විදෙස් රටකදී සිදුකරන ලද විශාලතම ව්‍යාපෘතිය ලෙස සැලකෙනවා.

එමෙන්ම එය, කඩිනම් මහවැලි ව්‍යාපාරයට පසුව ශ්‍රී ලංකාවේ දියත් කළ දැවැන්තම වාරි ව්‍යාපෘතිය ද වනවා.

මෙම ව්‍යාපෘතිය හරහා අක්කර පන්දහසක ගොවි බිම් සදහා ජලය ලබාදීමට අපේක්ෂා කරන අතර, වාර්ෂිකව ගිගාවොට් 290ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ද නියමිතයි.

පසුගිය දා ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරය හේතුවෙන්, ඉරානය ඊශ්‍රායලයේ මෙන්ම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරේ ද ප්‍රබලතම ප්‍රතිවාදියා වී සිටිනවා.

එමෙන්ම රතු මුහුදේ හූති සටන්කරුවන්ට ඉරානය උපකාර කරන බවට ද අමෙරිකාව නිරන්තරයෙන් චෝදනා කරන අතර නිසි අවස්ථාව පැමිණි වහාම ඉරානයට පහරදෙන බවයි ඊශ්‍රායලය දැනුම් දී ඇත්තේ.

මෙවැනි අර්බුධකාරී පසුබිමක ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීම ලෝක අවධානයයට යොමුවන කාරණයක් වනු ඇති.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here