අනාගතේදී ඇත්ත වෙන්නත් පුළුවන් ඉඩක් තියෙන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි 7ක්! – Saru News Media

0
6

දැන් හිතන්නකෝ අපි විද්‍යා ප්‍රබන්ධයක් නරඹනවා කියලා. එක මොහොතකදී හිතෙන්නෙ නැද්ද මේ ෆිල්ම් එකේ පෙන්නන විදියේ දේවල් ඇත්තටමත් සිද්ධ වෙන්න බැරිද කියලා? දැන් ඔය ඒලියන්ස්ලා ඇවිත් ලෝකේ යටත් කරගන්න විදියේ ෆිල්ම් එකක් බැලුවත් අපිට හිතෙනවා ඇයි කවදාහරි ඒලියන්තලා මෙහෙට ගොඩබහින්න බැරිද කියලා. එතකොට ඔය ලෝක විනාසේ පෙන්නන පිචර් එකක් වුනත් බලනකොට අපිට හිතෙනවා සමහර වෙලාවට ලෝකේ ඔය විදියට විනාස වෙන්නත් පුලුවන්නේ, ඒ නිසා සූදානම් සරීරෙන් ඉන්න ඕන කියලා. හැබැයි ඔය වගේ දේවලටත් වඩා ඇත්ත වෙන්න බුදු ෂුවර් එකක් තියෙනවා කියලා හිතෙන ෆිල්ම් තියෙනවා. අන්න ඒ විදියේ ෆිල්ම් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේ ෆිල්ම් සෙට් එක ගැන කියවලා බලන්න ඇත්ත වෙන්න හැකියාවක් නැද්ද කියලා!

 

දැන් ඔය ඩේ ආෆ්ටර් ටුමෝරෝ ෆිල්ම් එකේ කතා කරන්නේ ඇත්තටම වෙන්න පුළුවන් විදියේ සංකල්පයක් ගැන තමයි. විද්‍යාඥ ගොල්ලෝ මේකට කියන්නේ abrupt climate change කියලා. හැබැයි එක දෙයක්. මේ ෆිල්ම් එකේ පෙන්නන්නේ කෙලින්ම එක රැයින් සිද්ධ වෙන අනපේක්ෂිත කාලගුණික විපර්යාසයක් ගැනනේ. හැබැයි ඇත්තටම නම් abrupt climate change කියලා විද්‍යාඥයෝ කථා කරන්නේ දශක ගාණක් තිස්සේ සිද්ධ වෙන කාලගුණික විපර්යාසයන් ගැන. සාමාන්‍යයෙන් නම් ඒ විදියේ කාලගුණික විපර්යාස සිද්ධ වෙන්නේ ශතවර්ෂ ගණනාවක් තිස්සෙනේ. හැබැයි ඔය පර්යේෂක ගොල්ලො කියන්නේ ඩේ ආෆ්ටර් ටුමෝරෝ ෆිල්ම් එකේ වගේ කාලගුණේ චකබ්ලාස් වෙලා, දියවැල් නැවතිලා, උතුරු අර්ධගෝලේ අයිස් ඒජ් වෙනවා වගේ සිද්ධි එක රැයින් නොවුණත්, දශක ගණනාවක් ගිහින් වුනත් වෙන්න ඉඩක් තියෙනවා කියලා තමා! ඇත්තටම දියවැල් නැවතීමෙන් තමයි මේක වෙන්න පුළුවන් වෙන්නේ.

 

දැන් ඔය ටර්මිනේටර් පිචර් සීරීස් එකේ විදියට සිද්ධ වෙන සීන් කෝන් එක තමයි, මිනිසා හදපු කෘත්‍රිම බුද්ධියක්, මිනිසාටත් වඩා බුද්ධිමත් වෙලා, සම්පූර්ණයෙන්ම ලෝකෙ පාලනය අල්ලගන්න එක. ඉන් පස්සේ මේ ස්කයි නෙට් කියන කෘත්‍රිම බුද්ධිය තීරණය කරනවා, ලෝකේ තියෙන්න ඕන මැෂින් විතරයි කියලා. එහෙම හිතලා න්‍යෂ්ටික අවි පුපුරුවා හැරලා මිනිස් සංහතියම වගේ විනාශ කරලා දානවා. ඕක ඇත්තටම වෙන්න පුලුවන්ද? ඊලෝන් මස්ක්, ස්ටීවන් හෝකින්ස් වගේ අය හිතනවා මේ වගේ සීන් එකක් ඇත්තටම වෙන්න පුළුවන් කියලා.

කාලය හරහා ආපස්සට එන එක ගැන නම් දැන්මම අපිට වෙන්න පුලුවන්ය කියලාවත් කියන්න බෑ. හැබැයි අර ඕන හැඩයක් ගන්න පුළුවන් ස්මාට් ඇලෝයි වලින් හැදුණු බිහිසුණු රොබෝවරයා වගේ නිර්මාණ නම් බිහිවෙන්න පුළුවන්. අපි එහෙම කියන්නේ මේ වෙනකොටත් දියර ස්වභාවය ගන්න පුළුවන් ස්මාට් ලෝහ මිශ්‍රණයන් ලෝකෙ බිහිවෙලා තියෙන නිසා තමයි.

 

රොබෝකොප් කියන්නේ අපි හැමෝම මාරම ආසාවකින් බලපු ෆිල්ම් සීරීස් එකක්නේ. ඇත්තටම රොබෝකෝප් ෆිල්ම් සීරීස් එකත් එක්ක අපිට ප්‍රශ්න දෙකක් එනවා. මිනිහෙක්ගේ මොළයක් සහ ස්නායු පද්ධතියක්, ලෝහමය ශරීරයක් තුළට ඇතුළු කරන්න පුලුවන්ද? එතකොට සම්පූර්ණ නගරයක්ම බහුජාතික සමාගමක පාලනයට යටත් වෙන්න පුලුවන්ද?

මේ වෙනකොට ජෛවයාන්ත්‍රික සයිබර්නෙතික විද්‍යාව බොහොම දියුණුයි. ඒ කියන්නේ යාන්ත්‍රික, ඉලෙක්ට්‍රොනික කොටස් සහ මොළය පිරිද්දීම වගේම, ස්නායු පද්ධතිය එක්ක සුසංගත තාක්ෂණයන් ඔස්සේ බාහිර උපාංග පාලනය කිරීම වුනත් බොහොම සතුටුදායක මට්ටමකින් දියුණු වෙමින් පවතින්නේ. ඒත් ප්‍රශ්නත් නැතුව නෙවෙයි. එකක් තමයි මොළය සහ හදවත සහිත ශරීර කොටසක් විතරක් එක්ක සපෝට් කරන සංකීර්ණ සයිබර්නෙතික ශරීරයක් නිර්මාණය කිරීමේ අභියෝගය. දෙවෙනියට මේ වගේ අති සංකීර්ණ ජෛව යාන්ත්‍රික ශරීරයක් බලගන්වන්නේ කොහොමද කියන ප්‍රශ්නය. දැන් තියෙන නවීනතම බැටරියකින් වුනත් ප්‍රායෝගික විදියට රොබෝකෝප් කෙනෙක්ට බලය දෙන්න බැහැ කියන එක තේරෙනවනේ.

හැබැයි මේ කියන්නේ මේ වැඩේ කරන්න බැරිය කියලා නෙවෙයි. අනිවා මේක කරන්න පුළුවන් කියලා අපිට පේනවා විද්‍යාවේ දියුණුවත් එක්ක. හැබැයි ටිකක් කල් යයි.

 

අපේ රටේ ආතර් සී ක්ලාර්ක් මහත්තයා ගැන නොදන්න හාදයෙක් ඉන්න විදියක් නැහැනේ. ඇත්තටම ආතර් සී ක්ලාක් මහත්තයා ලියපු 2001: A Space Odyssey පොතෙන් ඒ නමෙන්ම පිචර් එකක් හැදුනා කියලා නම් හැමෝම දන්නෙ නැතුව ඇති. දැන් ඔය පොතෙනුත්, ෆිල්ම් එකෙනුත් කථා කරන ප්‍රධානම කාරණයක්නේ අභ්‍යවකාශ තරණය. හැබැයි ඉතින් අභ්‍යවකාශ තරණය කියන්නේ සාමාන්‍යයෙන් සයන්ස් ෆික්ෂන් ෆිල්ම් වල අති ජනප්‍රිය මාතෘකාවක් කියලත් කියන්න ඕන. ඒත් අපිට ඇත්තටම සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන අනික් ග්‍රහලෝක දක්වා හරි යන්න පුළුවන් වෙන්නේ කවද්ද? එහෙම යන්න ඇත්තටම පුළුවන් වෙයිද?

ඇත්තරම අපිට අභ්‍යවකාශ තරණයට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ට්‍රාන්ස්පෝට්. අනික් එව්වා ඔක්කොම ගොඩදාගන්න තාක්ෂණය තියෙනවනේ. හැබැයි ග්‍රහලෝක අතර තියෙන දුර ප්‍රායෝගිකව ඉක්මන් කාලයකින් කවර් කරගන්න පුළුවන් යානා තමයි අපිට තාම නැත්තේ. හැබැයි ඒ කියන්නේ අනාගතයෙදී ග්‍රහලෝක අතරට යන්න බැහැයි කියන එක නෙවෙයි. දැනටමත් අඟහරු ජනාවාස කරන්න වැඩකටයුතු සිදුවෙමින් පවතින්නේ. ඒ විතරක් නෙවෙයි, තරු අතරට පවා අපිට යන්න පුළුවන් කියන විශ්වාසයේ තමයි විද්‍යාඥයෝ ඉන්නේ.

 

ඇත්තටම කෘත්‍රිම බුද්ධිය, නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ බොහොම ඈත කාලෙක ඉඳලම මිනිස්සුන්ගේ හීනයක්. හැබැයි ඒ එක්කම මිනිස්සුන්ට තියෙන බයක් තමයි කෘත්‍රිම බුද්ධිය කවදාහරි මිනිස්සුන්වත් විනාස කරන්න සමත් වෙයි කියලා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here