ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අසරණ වුණු රෆා වැසියන් – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
18

ඊශ්‍රායල හමුදා එල්ල කරන රොකට් ප්‍රහාර හමුවේ ලක්ෂයකට අධික රෆා වැසියන් සිය ගම්බිම් වලින් ඉවත් වන බව වාර්තා වනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ දකුණු ගාසාහි රෆා නගරයේ සිට යුද ගැටුම් නොමැති කලාපයක් වන ඛාන් යුනිස් හා අල් මාවාසි හි කූඩාරම් නගර කරා ඔවුන් ගමන් කරමින් සිටින බවයි.

මේ වන විට මිලියන 1.4 කට වැඩි පිරිසක් රෆාහි වාසය කරනවා.

රෆා වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයින් 12 දෙනෙකු ඊයේ රාත්‍රියේ මිය ගියා.

එමෙන්ම කෙරෙම් ශාලොම් හරස් මාර්ගය අසල දී හමාස් සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදා භටයන් තුන් දෙනෙකු මිය ගියා.

මේ අතර ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීම හා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අරමුණු කරගත් සාකච්ඡා ඇනහිට තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here