සජබ පෙත්සම සලකා බැලීමට දින වෙයි – Saru News Media දේශීය පුවත්

0
9

කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගයක් අත්හිටුවන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන 21 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළා.

සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සමාජිකත්වය සහ ඔහු දරන තනතුරුවලින් ඉවත්කිරීම වළක්වාලමිනුයි කොළඹ දිසා අධිකරණය අදාළ වාරණ නියෝගය ලබාදී තිබුණේ.

ඊට එරෙහි ප්‍රතිශෝධන පෙත්සම ගොනුකර තිබුණේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසකුයි.

හිටපු හමුදාපතිවරයෙකු වන දයා රත්නායක මහතා සමගි ජනබල වේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශ වලින් පසු පක්ෂ සාමාජිකත්වය හා තනතුරුවලින් ඉවත් කිරීමට සූදානම් වූ බවයි ෆොන්සේකා මහතා පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා ගොනුකළ නඩුවක් කැදවූ අවස්ථාවේයි කොළඹ දිසා අධිකරණය එසේ තනතුරුවලින් ඉවත්ලීම වළක්වාලන වාරණ නියෝගය නිකුත් කළේ.

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here