සෝෂල් මීඩියා වලට වැය කරන කාලය සීමා කරන්න උදවු වෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් – Saru News Media

0
6

සෝෂල් මීඩියා වල දැන් කාලේ නැත්තේ කවුද? හැබැයි ප්‍රශ්නේ මේකයි. අද කාලේ ගොඩක් දෙනෙක් සෝෂල් මීඩියා වල පදිංචි වෙලා තමයි ඉන්නේ. එහෙම ඉන්න එකේ තියෙන ප්‍රශ්නේ වෙන්නේ, වැඩ සෑහෙන්න පාඩු වෙන එක. ඒ වගේම මහ පොළොවේ සමාජ සම්බන්ධතා අතපහු වෙන එක. සමාජ මාධ්‍ය කියන්නේ අද දවසේ කොයි තරම් අපේ ජීවිත වල කොටස් වෙලා තිබුණත්, ඒක ඇබ්බැහියක් බවට පත් වෙනවා කියන්නේ සෑහෙන ප්‍රශ්න ඇති වෙන එක. සෝෂල් මීඩියා භාවිතය අඩු වීමෙන් තියෙන වාසි ගැනත් අපි කලින් කියලා තියෙනවා. අද කියන්න යන්නේ, සෝෂල් මීඩියා භාවිතය අඩු කරගන්න උදවු වෙන ස්මාට්ෆෝන් ඇප්ස් කීපයක් ගැන!

 

සෝෂල් මීඩියා උණෙන් ගැලවෙන්න උදවු කරන මේ ඇප් එකෙන් සිද්ධ වෙන මූලිකම උදවුවක් තමයි, සෝෂල් මීඩියා ක්‍රියාකාරකම් සීමා කරන එක. ඒ කියන්නේ අපිට ඇබ්බැහි වෙලා තියෙන ඕනම සෝෂල් මීඩියා ඇප් එකක් මේ Social Fever එකේ ලිස්ට් එකට ඇඩ් කරන්න පුළුවන්. ඉන් පස්සේ ඔය ලිස්ට් එකේ තියෙන ඇප්ස් අපි පාවිච්චි කරන ප්‍රමාණය දෛනිකව, මාසිකව අධීක්ෂණය කෙරෙනවා. එතකොට අපිට පනවා ගන්න අවශ්‍ය සීමාවන් මොනවද කියලත් අපිටම තීරණය කරන්න පුළුවන්. ඉන් පස්සේ සෝෂල් මිඩීයා වෙනුවට අපිට ඕන හැබෑ ලෝකයේ ක්‍රියාකාරකම් එහෙමත් අපිට ‍තෝරගන්න පුළුවන් මේ ඇප් එකෙන්ම. ඒ ‍තෝරගැනීම් අනුව මේ ඇප් එකෙන් අපිට දිනපතා ඉලක්කයන් එහෙම ලබාදෙනවා කරන්න. එතකොට අපිට තියෙන්නේ සෝෂල් මීඩියා වල ගත කරන කාලය අඩු කරලා, ඒ ඉලක්කයන් ඉ‍ටු කරන එක. ඇත්තටම ඒක ඇඟට නොදැනීම ඉෂ්ට වෙනවා!

 

සෝෂල් මීඩියා උණෙන් විතරක් නෙවෙයි, කෙලින්ම ෆෝන් උණෙන්ම ගැලවෙන්න උදවු වෙන ඇප් එකක් තමයි මේක. මේකේදී සිද්ධ වෙන්නේ, මුලින්ම අපි දවසකට ස්මාට්ෆෝන් එක පාවිච්ච් කරන කාලසීමාව වගේ දේවල් වලට අපිටම සීමාවන් දාගන්න ඉඩ දෙන එක. එතනදී උපරිම පැය දෙකහමාරයි වගේ රෙකමන්ඩේෂන් ලබාදෙනවා අපිට. ඉන් පස්සේ අපිට වැඩට ෆෝකස් වෙන්න ඕන වෙලාවට මේ ඇප් එකෙන් අපිට ෆෝන් එකට එන නෝටි‍ෆිකේෂන් වළක්වනවා. ඇත්තටම සිද්ධ වෙන දෙයක්නේ ඔය ෆේස්බුක් හරි වෙනත් සෝෂල් මීඩියා එකකින් හරි නෝටි‍ෆිකේෂන් එකක් ආපු ගමන් අපි ෆෝන් එක අතට අරගෙන බලන එක. මේ ෆෝකස් ටයිම් එකේදී ඒ ප්‍රශ්නේ ඇතිවෙන්නේ නැහැ. ඉතින් මේ විදියට අපිට සෝෂල් මීඩියා ඇබ්බැහියෙන් විතරක් නෙවෙයි, වැඩ පාඩු කරගෙන ස්මාට්ෆෝන් එක පාවිච්චි කරන ඇබ්බැහියෙනුත් මිදෙන්න පුළුවන්.

 

මේකත් අපිට වුවමනා ඇප්ස් වලට වෙලා තියෙන ඇබ්බැහියෙන් අපිව මුදවා ගන්න, ඇ‍ඟේ තියෙන ඩිජිටල් විස අයින් කරන විදියේ ඇප් එකක්. මේකෙත් අපිට අපි ඇබ්බැහි වෙලා කියලා හිතෙන එක එක ඇප්ස් ‍තෝරගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි ෆේස්බුක් ‍තෝරගත්තා කියමු. දැන් මේ ඇප් එකෙන් අහනවා අපිට මොනවද කරන්න ඕන කියලා. මේකෙන් අපිට ෆේස්බුක් එන වෙලාව සීමා කිරීමේ ඉඳලා, ෆේස්බුක් ඇප් එක පාවිච්චි කරන වාර ගාණ සීමා කිරීම දක්වා, ටික දවසකට අපිට ෆේස්බුක් එන්න ඉඩ නොදීමේ ඉඳලා සදහටම ෆේස්බුක් බ්ලොක් කිරීම දක්වා විකල්පයන් ගණනාවකින් එකක් ‍තෝරගන්න පුළුවන්. අපි ෆේස්බුක් එන කාලය සීමා කිරීම ‍තෝරගත්තත්, අපිට පැයකට කොයි තරම් වෙලාවක්ද, දවසකට කොයි තරම් වෙලාවක්ද වගේ ‍තෝරාගැනීම් කරන්න පුළුවන්. දැන් ඔන්න අපිට ඩිටොක්ස් ඇප් එකෙන් දෙන කාල සීමාව ඔස්සේ විතරයි ෆේස්බුක් යන්න පුළුවන්!

 

ඕෆ් ටයිම් කියන්නෙත් බොහොම ක්ලැසික්, සිම්පල් ඇප් එකක්. සරලවම අපිට මේ ඇප් එක පාවිච්චි කරලා අපිට ස්මාට්ෆෝන් පාවිච්චිය සහ ඒ ඔස්සේ සෝෂල් මීඩියා පාවිච්චිය සීමා කරගන්න පුළුවන්. පටන් ගන්නකොටම මේ ඇප් එකෙන් අපෙන් අහනවා අපිට ඕන මොනවා කරන්නද කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඩිජිටල් ලෝකෙන් අන්ප්ලග් වෙනවද, වැඩ වලට ෆෝකස් වෙනවද, හොඳින් නිදාගන්නවද කියන ඒවලින් එකක් ‍තෝරගන්න පුළුවන්. මේ ප්‍රොෆයිල් වලදී අපිට ඒ ඒ වුවමනාවට අදාළ යම් යම් විකල්පයන් ‍තෝරගන්න පුළුවන්. උදාහරණ විදියට නෝටි‍ෆිකේෂන් බ්ලොක් කරනවද, එස්.එම්.එස් සහ කෝල්ස් බ්ලොක් කරනවද වගේ ඒවා. ඒ වගේම යම් යම් ඇප්ස් වලට ප්‍රවේශය අවහිර කරන්නත් පුළුවන්. යම් කිසි කාලසීමාවකට මේ ඩිජිටල් ලෝකෙන් බ්ලොක් වෙන එක සීමා කරගන්නත් පුළුවන්.

 

සෝෂල් මීඩියා වලට තියෙන ඇබ්බැහිය මනින්න නම් මෙන්ම තවත් සාර්ථක ඇප් එකක්. මේකෙත් අපිට සෝෂල් මීඩියා ලෝකෙට තියෙන සම්බන්ධතාවය අවශ්‍යයි කියලා අපි කලින් සඳහන් කරන කාල ප්‍රමාණයකට අවහිර කරන ගමන්ම, අපේ ඵලදායිතාවය ඉහළ නංවන්නත් යම් යම් මෙවලම් සපයලා දෙනවා. ඒ වගේම බොහොම සුළු කාරණා හරහා මේ සහාය අපිට ලබාදෙන්නත් මේ ඇප් එකට පුළුවන්. උදාහරණයක් විදියට, අපි හේතුවක් නැතුවත් මොහොතින් මොහොතට අපේ ෆෝන් එක චෙක් කරනවනේ. ඒකට අපි ෆෝන් එක අන්ලොක් කරනවා. මේ ඇප් එකෙන් ඕන නම් ෆෝන් එක අපි අන්ලොක් කරන ප්‍රමාණයන් සහ වෙලාවන් පිළිබඳ සවිස්තරාත්මක දත්ත සටහනක් ලබාගන්න පුළුවන්. අන්න එතකොට අපිට හිතාගන්න පුළුවන් මේ ඇබ්බැහිය වැඩියෙන් තියෙන්නේ මොන වෙලාවටද කියන එක ගැන. එහෙම රටාව හොයාගත්තහම ඒකෙන් මිදෙන්නත් අමාරු නෑ.

 

බොහොම නීට් විදියට නිර්මාණය කරලා තියෙන මේ ඇප් එකෙන් කරන්නෙත් අපේ ස්මාට්ෆෝන් එක මානසික සෞඛ්‍යයට සහ ශාරීරික සෞඛ්‍යයට හිතකර විදියට – ඒ කියන්නේ ඇබ්බැහි වීම් නැතුව පාවිච්චි කරන්න උදවු කරන එක. මේකෙන් අපි ෆෝන් එක පාවිච්චි කරන සමස්ත කාලය සහ, අපි ෆෝන් එක පාවිච්චි කරන්නේ මොන මොන ඇප්ස් වෙනුවෙන්ද කියන එක අධීක්ෂණය කරනවා. ඒ විතරක් නෙවෙයි, අපි දවසකට ෆෝන් එක කී පාරක් අතට ගන්නවාද, අරගෙන අන්ලොක් කරනවාද කියන එකත් මේකෙන් ට්‍රැක් කරනවා. දැන් මේ වාර්තාවන් ඔස්සේ අපිට පුළුවන් යම් යම් සීමා කිරීම් පනවාගන්න.

 

මේ අපි ලෑස්ති වෙන්නේ කැලයක් වවන්න. ඒ කියන්නේ මෙහෙමයි. මේ ඇප් එකත් උදවු වෙන්නේ සමස්තයක් විදියට ස්මාට්ෆෝන් එකට අපේ තියෙන ඇබ්බැහිය බිඳ හෙළන්න. ඒ අතරේ සෝෂල් මීඩියා වලට තියෙන ඇබ්බැහිය කඩන එකත් එක ටාගට් එකක්. අනෙක් අතට මේ ඇප් එක අපේ ඵලදායිතාවය ඉහළ දාන්න සෑහෙන්න උපකාරී වෙනවා. ඒ කියන්නේ, අපි මේ ඇප් එකේ උදවුවෙන් වැඩට ෆෝකස් වෙනකොට අපි මේ ඇප් එකේ ඩිජිටල් අවකාශයේ පැලයක් හිටවනවා. මේ පැලේට සාත්තු සප්පායම් කිරීම සිද්ධ වෙන්නේ අපි වැඩට අවධානය යොමු කරලා ඉන්න ප්‍රමාණය අනුව. අපි වැඩ පැත්තක දාලා ෆේස්බුක් ගිහිල්ලා හිටියොත් ඔන්න පැලේ මැරෙනවා. හැබැයි අපේ ෆෝන් ඇබ්බැහිය, සෝෂල් මීඩියා ඇබ්බැහිය කැඩෙන කොට, මේ පැළේත් මහා ගහක් වෙනවා. ඔහොම ගිහින් අපිට කැලයක්ම වවා ගන්නත් පුළුවන් වෙනවා! මීට අමතරව ඵලදායිතාවය වැඩි කරන්න එක එක මෙවලම් එහෙමත් මේකේ තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, අපි විනාඩි විසිපහක් වැඩට අවධානය යොමු කරලා ඉන්න අතරේ, අපිව රිලැක්ස් කරවන ශබ්ද රටාවක් එහෙමත් නිකුත් කරන්න මේ ඇප් එකට පුළුවන්!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here