ඊශ්‍රායලයේ ලාංකිකයන් 70%ක් ආරක්‍ෂිතයි..- තානාපති

0
18

ඊශ්‍රායලය හා ඉරානය අතර ඇතිවී තිබෙන යුධ ආතතිය මත ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය පිළිබඳව එරට සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අදහස් ලත් අදහස් පල කරයි.

ඔහු තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

ඊශ්‍රායලය විසින් ඉරානයේ තෝරාගත් ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර කීපයක් එල්ල කළ බව ඊශ්‍රයිල් ආරක්ෂක අංශ නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව මැද පෙරදිග කලාපයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව විමසමින් ඊශ්‍රායලයේ ජිවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන් මෙන්ම මාධ්‍ය හිතවතුන් ද නිරන්තරයෙන් විමසීම් කෙරෙමින් පවතී.

එබැවින් පහත දැක්වෙන නවතම තොරතුරු යාවත්කාලින කිරීමට කැමැත්තෙමි.

ඊශ්‍රායලය තුළ ජන ජීවිතය සාමානය පරිදි ක්‍රියාත්මක වේ. ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන් තොටුපළ සාමන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. ගුවන් ගමන් කීපයක් හැරුණුවිට බහුතර ගුවන් ගමන් ප්‍රමාණයක පැමිණිම් හා පිටවීම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක විය.

එහෙත් ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිනීමට නියමිතව සිට බොහෝ දෙනෙකුට අදාළ ගුවන් ගමන් අවලංගු කළ බවට ප්‍රවේශපත් ලබාගත් යට දැනුම් දී තිබුණි. අදාල ගමන් නැවත ආරම්භ කරන දිනය අදාළ ගුවන් සේවා වෙතින් විමසන ලෙස සදහන් කිරීමට කැමැත්තෙමි.

ශ්‍රී ලංකාවේ සිට පැමිණ සේවය කරන පිරිසෙන් 70% පමණ ජීවත්වන්නේ තමන් සේවය කරන නිවෙස්වල ආරක්ෂා සහිතවය. 15% පමණ කෘෂිකර්ම වැඩබිම් වලත් ඉතිරි පිරිස ඉදිකිරීම් හා වෙනත් අංශවල සේවයේ දී සිටිති.

ගාසා තිරය ආසන්නයේ ජීවත්වූ බොහෝ පවුල් එම කලාපයෙන් ඉවත්කර තාවකාලිකව හෝටල්වල නවාතැන් සපයා ඇත. එසේම ගාසා තිරයෙන් එල්ලවන බොහෝ ප්‍රහාර මේ වනවිට නතරවී තිබේ. දින කීපයකට ප්‍රථම මා ඇතුළු බොහෝ තානාපතිවරු ගාසා තීරයට භාණ්ඩ ලබාදෙන ප්‍රධාන ස්ථානය නැරඹීමට ගොස් පැය හතරකට අසන්න කාලයක් එහි රැදී සිටිය ද එකම ප්‍රහාරයක් හෝ එල්ල නොවිය.

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ ලෙබනන් මායිම හරහා විටින් විට ෂෙල් ප්‍රහාර වාරතා වුව ද ඒ කලාපයේ සිටි ලක්ෂ එකහමාරකට වඩා පිරිස ඊශ්‍රායල ජාතිකයන් එම කලාපයෙන් වෙනත් ස්ථානවලට තාවකාලිකව යොමුකර ඇති බැවින් එම පවුල් සමඟ සිටි ශ්‍රී ලාංකිකයන්ද අදාළ නව ස්ථානවලට ගොස් ඇත. එබැවින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් ඇති නොවේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන අතර පවතින තත්ත්වය මත ගැටලුකාරී පසුබිමකට මුහුණ දෙන අයෙක් වෙතොත් තානාපති කාර්යාලය සම්බන්ද කර ගන්න මෙන් දන්විමට් කැමැත්තෙමි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here