ඊශ්‍රායල හමුදා මානව හිමිකම් කඩ කරලා – ඇමෙරිකාවෙන් චෝදනාවක් – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
24

ඊශ්‍රායල හමුදා මානව හිමිකම් කඩකර ඇති බව ඇමෙරිකාව නිවේදනය කරනවා.

පසුගිය ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලය ගාසා තීරයේ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර මෙම මානව හිමිකම් කඩවීම් සිදුව ඇති බවයි ඇමෙරිකාව සඳහන් කරන්නේ.

එලෙස මානව හිමිකම් කඩවූ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් තමන් වෙත වාර්තාවී ඇති බවයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ඊශ්‍රායල භට කණ්ඩ 5ක් ඊට සම්බන්ධ බවද ඔවුන් සඳහන් කරනවා.

කෙසේ වුවද තමන් අඛණ්ඩව ඊශ්‍රායලයට යුද ආධාර සපයන බවද ඇමෙරිකාව පවසනවා.

ඇමෙරිකාව වාර්ෂිකව ඊශ්‍රායලයට ඇමෙරිකා ඩොලර් බිලියන 4කට ආසන්න යුද ආධාර ලබාදෙන බවයි වාර්තා වන්නේ.

මානව හිමිකම් කඩවූ බව පවසමින් අඛණ්ඩව ඔවුන්ට අවශ්‍ය යුද ආධාර ලබාදීමේ ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට මේ වනවිට විට ඇමෙරිකාව ලක්ව සිටිනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here