ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවිකළ තුන් දෙනෙකු අත්අඩංගුවට – Saru News Media දේශීය පුවත්

0
15

ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ නිරත වූ සැකකරුවන් තුන් දෙනෙකු රුපියල් ලක්ෂ 6 කට අධික හොරායින් සමඟ වැලිමඩදී අත්අඩංගුවට ගැනුනා.

වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් අබේවික්‍රම මහතා රාජකාරී කටයුත්තක් සදහා බණ්ඩාරවෙලට යමින් සිටියදී දඹවින්න විහාරස්ථානය අසල සැකකටයුතු ලෙස හැසිරුණු තරුණයෙකු දැක තිබෙනවා.

පසුව ඔහුව පරික්ෂාවට ලක් කෙරුණා.එහිදී ඔහු පලා යාමටයි උත්සාහ කළේ.කෙසේ හෝ මෙම තරුණයා පරික්ෂා කළ අවස්ථාවේදී ඔහු ලග තිබී හෙරොයින් පැකට් කිහිපයක් සොයා ගත්තා.

ඔහුගෙන් වැඩිදුරටක් කළ ප්‍රශ්න කිරීමවලදී තවත් සැකකරුවන් දෙදෙනෙකු ඌව පරණගම කොට වෙහෙර සහ වැලිමඩ නුගතලාව යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනුණා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here