ලොව අවලස්සනම ගැහැනිය හෙවත් ලොව දිරියතම ගැහැනිය – Saru News Media

0
8

අද අපි කතාකරන්න හිතුවේ ලෝකයෙ සමීක්ෂණයන් අනුව තෝරගත්ත ලොව අවලස්සනම ගැහැනිය ගැන ඇය නමින් ලිසී වෙලස්කුවෙස්. ඉතින් අද අපි ඒ දිරිය ගැහැනියගේ ජීවිතය ගැන කතාකරමු…

ඉතින් මේ ලිසී උපත ලබන්නේ 1989 වසරේ ඇමරිකාවේ ටෙක්සාස් වල. ඇය ඉපදෙද්දි ඇගේ බර කිලෝග්‍රෑම් 1.219 තරම් අඩු බරක් වෙනවා. ඇගේ දෙමව්පියන්ට ඇයගෙ උපතේදීම අහන්න වුනෙ ගොඩාක් දුක්බර දේවල්. ඉතින් වෛද්‍යවරුන් කියනවා ඇය හඳුනා නොගත් ඌණතාවයකින් පෙළෙනවා කියලා. ඇයට කවදාවත් කතා කරන්න, ඇවිදින්න, තමන්ගෙ වැඩක් තනියෙම කරගන්න බැරි වේවි කියලා තිබුනා. ඉතින් දෙවියන්ගෙන් ලැබුණු පළවෙනි දරුවා මෙහෙමයි කියලා දැනගත්තම මේ දෙමාපියන්ට කොහොම දේවල් හිතිලා ඇද්ද..

 

ඉතින් ලිසිගේ පොඩි කාලෙ ඉඳන්ම මේ අසාමාන්‍ය රූපය නිසාම අනිත් ළමයි තරම් සුන්දරව කෙළිලොල් ළමා ජිවිතයක් ඇයට ගතකරන්න වෙන්නේ නෑ. ඇය අනිත් ළමයි අතර අසාමාන්‍ය පෙනුමකින් යුක්ත නිසා අපහාසයට ලක් වෙනවා. සමාජය තුළ ඇයව හැඳින්වුවේ ‘කැත’ කියන අප්‍රසන්න වචනෙන්. ඉතින් මේ හැඳින්වීම ඇයව මානසිකව වගේම ශාරිරිකවත් අපහසුතාවයට පත් කළා.

 

ඉතින් කාලයත් එක්ක වයසින් සහ සිතුවිලි වලින් මුහුකුරා යන ඇය 2006 වසරේ තිබිච්ච online මනාප තරඟයකින් “ලෝකයේ කැතම කාන්තාව” විදියට තේරී පත්වෙනවා.. ඒ වගේම ලෝකයේ කැතම කාන්තාව විදියට ඇයගේ youtube වීඩියෝ පවා එලියට එනවා. ඇය මේ හැම දේම දිහා බලන් ඉන්නවා. ඇය මුලින්ම මේ දේවල් නිසා මානසිකව ලොකු පීඩනයකට ලක් වෙනවා. ඇයගේ කතාව නොදන්න මිනිසුන් ඇයට එල්ල කරන අපහස එක්ක, ඇය මේ සියල්ලටම වෙනම විදියකට උත්තර දෙන්න ගන්නවා..

 

ඇය සතු තවත් අසාමාන්‍ය ලක්ෂණයක් තම්යි ඇගේ බර. දැන් අවුරු 33 ක් වුනත් ඇයගෙ බර තවම කිලෝග්‍රෑම් 29ට එහා වැඩි වෙලා නෑ.. ඇයට තිබෙන රෝගය Marfanoid- Progeroid- Lipodystrophy Syndrome ලෙස හඳුන්වනවා.. මේක Asprosin ඌණතාවයක් නිසා ඇතිවන්නක්.. Asprosin කියන්නෙ ක්ෂීරපායි සතුන්ගෙ ඇඟ ඇතුළෙ නිපදවන ප්‍රෝටීන් හෝමෝනයක්.. මේ හෝමෝනය නිපදවන්නෙ FBN1 කියන ජානය කේන්ද්‍ර කරගෙන.. මෙම හෝමෝනය අක්මාවෙන් ග්ලූකෝස් ලේ ප්‍රවාහයට නිදහස් කරන්න උත්තේජකයක් ලෙස ක්‍රියාකරනවා.. ඉතින් ඇගේ සිරුරේ මේ ප්‍රෝටීනය නෑ. හඳුනාගෙන තියෙන විදියට මේ රෝගයට මේ වනවිට මුළු ලෝකෙන්ම ලක්වෙලා ඉන්නෙ දෙදෙනයි. එක්කෙනෙක් මේ ලිසි.

 

ඉතින් ඇයට අපහාස කරපු අයට ඇය නියම උත්තරයක් දෙනවා.. අද වෙනකොට ඇය ලෝකයේම ආදරය දිනාගත්‍ත කාන්තාවක්.. ඒවගේම සයිබර් හිරිහැර වලට ලක්වෙන අය වෙනුවෙන් පෙනී සිටින්නියක්. ඒ ඇය වගේම විවිධ හේතූන් නිසා අපවාදයට ලක් වෙන අය වෙනුවෙන්. ඔබ ඔබව නිර්වචනය කරන්නෙ කෙසේද? කියන ප්‍රශ්නෙට ඇය ලස්සන උත්තරයක් දෙනවා.. 2014 වසරේදි ඇය Tedx Austin women Talk වැඩසටහනට සම්බන්ධ වෙලා දේශනයක් කරනවා… මිලියන 6කට ආසන්න පිරිසක් මෙය නරඹනවා. ඒ වගෙම.. ඇය තරුණයින් වෙනුවෙන් පොත් දෙකක් මේ වෙනකොට ලියලා තියෙනවා..

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here