අධික උණුසුම මැද ඉන්දීය මහ මැතිවරණයේ තුන්වන අදියර ඇරඹෙයි – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
14

සෙල්සියස් අංශක 40 ඉක්මවූ අධික උණුසුම් කාලගුණය මධ්‍යයේ ඉන්දීය මහ මැතිවරණයේ තුන්වන අදියර අද ආරම්භ වුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අහමදාබාද් ඡන්ද මධ්‍යස්ථානයක දී තම ඡන්දය ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද මධ්‍යස්ථානය ඉදිරිපිට පාක්ෂිකයින් විශාල සංඛ්‍යාවක් රැස්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කරන්නේ.

අද ආරම්භ වූ තුන්වන අදියර යටතේ ප්‍රාන්ථ 11ක ඡන්දය පැවැත්වෙන අතර ආසන 93ක් සදහා සභිකයින් තෝරා ගැනීමට නියමිතයි.

එම ප්‍රාන්ථ 11ම භාරතීය ජනතා පක්ෂයේ කදවුරු ලෙස සැලකෙනවා.

පසුගිය මැතිවරණයේ දී ආසන 93න් 72ක බලය හිමිකර ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වුණා.

අප්‍රේල් 19 වන දින ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණය අදියර 7කින් සමන්විත අතර එහි ප්‍රතිඵල ජුනි 4 වන දින නිකුත් කිරීමට නියමිතයි.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here