උතුරු පළාතේ සෞඛ්‍ය සේවා පහසුකම් සැලසීමට රු.මිලියන 700ක් – Saru News Media උණුසුම් පුවත්

0
23

උතුරු පළාතේ සෞඛ්‍ය සේවා පහසුකම් සැලසීම සඳහා මේ වසරේ රුපියල් මිලියන 700ක මුදලක් ලැබී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් ධර්මසිරි පතිරණ මහතා පවසනවා.

වව්නියාව , මන්නාරම , මුලතිව්, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් ඉහළ නංවමින් මහජනතාවට මෙමගින් ගුණාත්මක සේවාවක් සැපයීමට කටයුතු කරන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා.

මෙම ප්‍රතිපාදනවලට අමතරව දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධානවලින්ද ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනවා.

අඩු පහසුකම් සහිත රෝහල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසට සෞඛ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී උතුරු පළාත් ආණ්ඩුකාරවරිය කියා සිටියා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here