ඉන්දීය ප්රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විකාශන සමාගමේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස තරග විකාශනය කිරීමෙන් හා ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්රවර්ධනය කිරීමෙන් ඉන්දීය රුපියල් කෝටි 100ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3.5ක) පමණ පාඩුවක් සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාලව සුපිරි නිළි තමානා භාටියාට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ වෙයි.
මහාරාෂ්ට්ර සයිබර් පොලිස් විමර්ශන අංශය විසින් නිළි තමානා භාටියාට සිතාසියක් යවා ඇති අතර, මේ 29 වැනිදා ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
මෙම නඩුවට අදාළව බොලිවුඩ් නළු සංජේ දත්ට පසුගිය 23 වැනිදා පෙනී සිටින ලෙස ඉල්ලා සිටියද ඔහු නොපැමිණ ඒ වෙනුවට, තම ප්රකාශය සටහන් කර ගැනීම සඳහා වෙනත් වේලාවක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.
ඉන්දීය ප්රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්රවර්ධනය කිරීමට සහ ක්‍රිකට් තරග නැරඹීමට යෙදුම සුසර කරන ලෙස ඉල්ලා සිටින බවට චෝදනා ලැබ සිටින නළු නිළියන් වන සංජේ දත්, ජැකලින් ෆර්නැන්ඩස් සහ රැප් ගායක බාද්ෂා සමඟ සම්බන්ධ පුද්ගලයින්ගේ ප්‍රකාශ ද පොලිසිය විසින් සටහන් කර ගෙන ඇත. එම ඔට්ටු ඇල්ලීමේ යෙදුම ප්රවර්ධනය කිරීම සඳහා අනුබල දුන් ප්‍රසිද්ධ පුද්ගලයින් 40කට වැඩි පිරිසක් විමර්ශනයට ලක්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කර ඇත.
(ප්‍රින්ස් ගුණසේකර)
Saru FM Media