Google search engine
Home ගොසිප් පුවත් සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ අත්ඔරලෝසු 11ක් වෙන්දේසියට

සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ අත්ඔරලෝසු 11ක් වෙන්දේසියට

0
23

sylvester-stallone-sothebys

හොලිවුඩයේ සුපිරි ක්‍රියාදාම නළුවෙකු වන සිල්වෙස්ටර් ස්ටැලෝන් සතුව ඇති අත්ඔරලෝසු කිහිපයක් වෙන්දේසි කිරීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. සුප්‍රසිද්ධ Sotheby’s වෙන්දේසි සමාගම මෙම වෙන්දේසිය සිදු කිරීමට සූදානමින් සිටියි.ස්ටැලෝන් ගත වූ සිය රංගන ජීවිතය තුළදී විනෝදාංශයක් ලෙස එකතු කළ අක්ඔර්ලෝසු 11ක් මෙලෙස වෙන්දේසි කෙරෙන බව සදහන් වෙයි.

එසේම ඔහු රගපෑ සුප්‍රසිද්ධ ‘රොකී’ ඇතුළු සිනමාපටවලදී ඔහු පැලැඳි අත්ඔරලෝසුද මේ අතර වෙයි. ලබන ජූනි 05 වැනිදා නිව්යෝර්ක් නුවරදී මෙම අත්හර්සලෝසු වෙන්දේසිය සිදු කෙරේ. මෙම අයිතම අතර අතිශය දුර්ලභ Patek Philippe Grandmaster Chime අත්ඔරලෝසුවක්ද පවතින බව සදහන් වෙයි. මෙය අද දිනයේදී ඩොලර් මිලියන 5ක පමණ වටිනාකමක් ගන්නා බවත් පැවසෙයි. සුප්‍රසිද්ධ ලොව සුප්‍රසිද්ධ සුඛෝපභෝගී අත්ඔරලෝසු නිෂ්පාදන සමාගමක් වන Patek Philippe සමාගම එම මාදිලියේ ඔර්ලෝසු හතක් පමණක් නිපදවා තිබීම ඊට හේතුවයි. එසේම මෙම අත්ලර්ලෝසු මාදිලිය එතෙක් මෙතෙක් නිපදවූ වඩාත් සංකීර්ණතම අත්ඔර්ලොහුවක් බවත් සදහන් වෙයි.

මෙම එකතුවේ ඇති තවත් Patek Philippe ඔර්ලෝසුවක් ඩොලර් ලක්ෂ හතරක පමණ වටිනාකමකට මිල කෙරි තිබේ. මලනොබැදෙන ආවරණයක් සහිත මෙම අත්ඔරලෝසුව තුළ වටිනා දියමන්ති 32ක් අල්ලා තිබේ. එසේම Rolex සමාගම 2016 දී සිය 60 වැනි සංවත්සරය සැමරීම සදහා ඉදිරිපත් කළ මාදිලියද ඩොලර් 50,000කට මිල කෙරී තිබේ. Audemars Piguet සමාගම නිපදවූ රෝස රන්පැහැති බහාලුමක ඇති නිල් පැහැති මතුපිටක් සහිත ඔර්ලෝසුව ඩොලර් ලක්ෂ 2කට මිල කෙරී තිබේ.

මීට අමතරව ස්ටැලෝන් රගපෑ 1996 වසරේදී නිපදවුණු Daylight සිනමාපටයේදී ඔහු පැලැඳි අත්ඔර්ලෝසු කිහිපයක්ද මේ අතර පවතී. මෙම ඔර්ලෝසු ඔහු වෙනුවෙන්ම නිපදවූ ඒවා බව පැවසෙයි. එම ඔර්ලෝසු ඩොලර් 60,000ක පමණ වටිනාකමකට අලෙවි කිරීම සැලසුම වී තිබේ.ඒ අනුව මෙය අක්ඔර්ලෝසු එකතු කරන්නන් හට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් බවද Sotheby’s සමාගම පවසා සිටියි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here