තේ පොහොර සහනය තවත් පිරිසකට – Saru News Media දේශීය පුවත්

0
12

දැනට ක්‍රියාත්මක තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා දක්වා පුළුල් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙනවා.

මේ වනවිට මෙම තේ පොහොර සහනාධාරය ලබා දෙන්නේ අක්කර 10ක් දක්වා වූතේ වතු සඳහා පමණයි.

තේ අස්වැන්න ඉහළ නැංවීමට නම් පොහොර යෙදීම අනිවාර්ය වනවා.

නමුත් දැනට තේ සඳහා පොහොර යෙදීමට තේ වගා කරුවන් පියවර නොගන්නා නිසා තේ දළු අස්වැන්න ක්‍රමාණුකූලව අඩු වීමක් පෙන්නුම් කරනවා.

මේ නිසා තේ සඳහා යොදනුලබන පොහොර වර්ග තුනක මිල ගණන් වෙළෙඳපළේ පවතින මිග ගණන්වලට වඩා සියයට 50කින් අඩු කිරීමටයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කළේ.

තේ සඳහා වන පොහොර සහනාධාරය යටතේ U- 709 සහ U- 834 කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රු. 7735කටත්, T 56 තේ පොහොර මිටියක් රුපියල් 8325ක හා T 750 හා T 250 පොහොර මිටියක් රු. 5550ක සහන මිලකටත් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.

රජයට අයත් ලංකා පොහොර සංස්ථාව හා කොමර්ශල් පොහොර සමාගම් විසින් මෙම තේ සඳහා වන පොහොර විශේෂ 05 නිෂ්පාදනය කරනු ලබනවා.

එමෙන්ම වෙළෙඳපළේ මිලට වඩා සියයට 50ක පමණ මිල ගණන් අවම කර තේ වගාකරුවන්ට එම පොහොර සහන මිලකට ලබා දෙන අතර තේ මණ්ඩලය විසින් තේ පොහොර සහනය සඳහා වන මුල්‍ය පහසුකම් සපයනු ලබනවා.

ජූනි මාසය වනවිට තේ පොහොර සැපයුම මෙට්‍රික් ටොන් 20,000ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු යොදා ඇතී අතර අක්කර 50ක් වූ සෑම තේ වත්තකටම මෙම තේ පොහොර සහනාධාරය ලබා දීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ලංකා තේ මණ්ඩලය එකඟත්වය පළ කළා

ශ්‍රී ලංකාවේ තේ වගාව නංවාලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද දින (09) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති අතර ඊට තේ වගාකරුවන්ගේ සංගමය, තේ කර්මාන්තකරුවන්ගේ සංගමය හා කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා ලංකා තේ මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරිහු සහභාගි වුණා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here