ඒකපාශ්වික ආදරයක අතුරු ප්‍රතිපල – Saru News Media

0
9

ඒකපාර්ශවික ආදරය ගැන ගොඩක් වෙලාවට කතා කරන්නේ එය ගොඩාක් පිවිතුරු හැඟීමක් කියලා. නමුත් මේ නිසා ජීවිත කාලෙම විඳවපු, ජීවිත වලින් වන්දි ගෙවපු, පිස්සන් වුනු මිනිස්සු ඕන තරම් සමාජයේ දකින්න ලැබෙනවා. ඒකපාර්ශවික ආදරය තුල වේදනා විඳපු අපි දන්න ප්‍රේමවන්තයෙක් තමයි විරාගයේ අරවින්ද. මේකෙඳි සරෝජනිත් මානසිකව විඳවනවා. ඉතින් මේ ඒකපාශ්වික ආදරයේ අතුරු ප්‍රතිපල ගැන අපි කතා කරමු.

One side love

ගොඩක් වේලාවට ආදරයක් මුලින්ම ඇතිවන්නේ ඒකපාශ්විකව තමයි. ඉන් පස්සෙ තමයි එයාටත් ආදරය දැනෙන්න දීලා දෙන්නට දෙන්නා ඒ ගැන දැනගෙන බැඳීමක් ඇතිකරගන්නේ. නමුත් එයා කිසිදෙයක් නොදැන එහෙමත් නැතිනම් ඔයාගේ ආදරය විවෘතව නොකියන සහ එයා තේරුම් නොගත් ආදරය ඒකපාශ්වික ආදරයයි. බොහෝ වෙලාවට එයා මේ ගැඹුරු ආදරය නොදැන ඉන්න පුළුවන්. නැතිනම් එයා දැනගෙන එකහෙලා ප්‍රතික්ෂේප නොකරන්නත් පුළුවන්. කොටින්ම අනික් කෙනා දන්නෙ නෑ. නැතිනම් එයාගෙන් හරි ප්‍රතිචාරයක් නෑ. ඒත් ඔයා එයා වෙනුවෙන් බලාගෙන ඉන්නවානම්, එයා මතම ඔයා ජීවත් වෙනවානම් මේ ඒකපාශ්වික ආදරයයි.

One side love

ඔයාගෙ සම්බන්ධය සම්පූර්ණයෙන්ම පරිපූර්ණ බවක් ඔයාට පේන්නේ නෑ. එයා වෙනුවෙන් සියළු දේ කැපකරත් තවමත් ඔයාට ප්‍රතිඵලදායක සහ තෘප්තිමත් කිසිවක් දැනෙන්නෙ නෑ. ඔයාගෙ ජීවිතයේ ඉන්න අනික් අයට ඔයාගෙ ජීවිතයේ තියෙන ඉඩ අඩු වෙනවා. එයා වෙනුවෙන් විතරක්ම ජීවත් වෙනවා. එයා ගැන ඔයා විසින්ම හදාගත්ත මානසික ලෝකයක ඔයා ජීවත් වෙනවා.

එයා දකින එකෙන් ඔයා සතුටට පත්වෙනවා. එයා එක්ක කතා කරන එකෙන් විතරක් ඔයා සෑහීමට පත්වෙනවා. එයා ඔයාට ආදරය නොපෙන්නුවත් කවදාක හෝ එයා ඔයාට ආදරය කරයි කියල බලාපොරොත්තු ඇතිකරගන්නවා. විශේෂයෙන් එයා ඔයාව නොසලකා හැරියොත්, වෙනදා වගේ කතා නොකළොත්, හිනා නොවුනොත් ඔයා ඉතා පහසුවෙන් මානසික අවපීඩනයට හා අසතුටට පත්වෙනවා.

One side love

තමන්ගේ ආදරය ප්‍රකාශ කිරීම නිසා ඇයව හෝ ඔහුව අහිමි වේවියි කියන බය. ඒ වගේම වයස, රූපය, වගේ දේවල් නොගැලපෙනව කියල හිතල තමන් ගැනම අවතක්සේරුවක සිටීම. එහෙමත් නැතිනම් එයාට කෙලින් තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න ගට් එකක් නැතිකම වගේ කාරනා නිසා තමයි බොහෝ වෙලාවට කෙනෙක් ඒකපාශ්වික ආදරයක හිර වෙන්නේ.

One side love

තමන් හිතින් ආදරය කරන කෙනා තමන්ව නොසලකා හරිනව කියල දැනුනොත්, එයා වෙන කෙනෙකුට ආදර කරනව කියල දැන ගත්තොත්, එයා වෙන කෙනෙක්ව විවාහ කර ගත්තොත් ඔයා මනසිකව සහ කායිකව කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ සාමාන්‍ය ආදර සම්බන්ධතාවක් කඩා වැටුණ මට්ටමටම ඔයා පත්වෙනවා. එයාට තම ආදරය ප්‍රකාශ කිරීමට හෝ ප්‍රකාශ කිරීමට ඇති නොහැකියාව නිසා ගොඩක් වෙලාවට මානසික අවපීඩනය, අඩු ආත්ම අභිමානය, කාංසාව සහ ප්‍රීතිය අතර වේගවත් මනෝභාවයන් වැනි නිෂේධාත්මක හැඟීම් ඇතිවෙනවා. මේ නිසා මානසිකව සහ ශාරීරික යන දෙකෙන්ම ඔයා වෙහෙසට පත්වෙනවා. සෙන්සිටිව් වැඩිනම් ඕවර් තිංකින් නම් මේ තත්වය වැඩියි.

One side love

ඔව් ගොඩාක් දුරට වෙනස් කරන්න පුලුවන්. ඔයාට එයාගැන ක්‍රශ් එකක් දැනෙනව නම් එයාට කෙලින්ම කියන්න. එහෙමත් නැතිනම් හිතින් ඕනවට වඩා දුරදිග යන්න නොදී එයාට ඔයාගේ හැඟීම් දැනෙන්න දෙන්න. එයාගෙ හොඳ මිතුරෙක් වෙන්න. එයා වෙනුවෙන් වැඩිපුර කාලයක් වෙන් කරන්න. එයාව තේරුම් ගන්න. ඒ මගින් ඔයා එයා සොයන කෙනාද කියලා ඔයාට අවබෝධයකට එන්න පුළුවන්.

හිතින් ආදරය කිරීම තුල එයා ඔයාව නොසලකා හැරීම තුල ඔයා වේදනාවට පත්වෙන එක, ජීවිතය කඩා වැටෙන එක එතරම් හොඳ දෙයක් නෙමෙයි. මේ නිසා එයාට ඔයාව දැනෙන්න දෙන්න, එයාට ඔයා එයා ගැන ආදරයකින් ඉන්න බව කියන්න. ඒ පිළිබඳ කිසිදු විටක දෙගිඩියාවට පත් වෙන්න එපා. එයාට ඔයාගෙ ආදරය කියන්න. තමන්ගේ ආදරය ගැන කතා කරන්න කෙනෙකුට හයියක් තියෙන්න ඕනි. එයාගේ පිළිතුර මොකක් වුනත් ඔයාගෙ ආදරය කියන්න බය වෙන්න එපා. සමහර විට එයා ඔයාගෙ හිතේ එයාට තියෙන ආදරය ගැන කියනකම් බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here