කරදරකාරී විදියට පස්සෙන් එන (Stalker) කෙනෙක්ගෙන් බේරෙන්නේ මෙහෙමයි! – Saru News Media

0
10

ඔය stalker කියන වචනේ සමහරුන්ට ආගන්තුක වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඒ වචනෙන් කියවෙන්නේ මොන විදියේ කෙනෙක් ගැනද කියන එක නම් කාටවත් ආගන්තුක වෙන්න විදියක් නෑ. මේ ස්ටෝකර් කෙනෙක් කියලා කියන්නේ, අපේ ජීවිතයට අතිශයින්ම කරදරයක්, හිරිහැරයක් වෙන විදියට අපේ පස්සෙන් එන කෙනෙක් ගැන. ඒ කියන්නේ පුදුමාකාර කරදරකාරී විදියට නිතරම බලහත්කාරයෙන් ෆෝන් කෝල්ස් දෙමින්, මැසේජ් කරමින්, සමහර වෙලාවට අපි යන එන තැන් වලට පවා එමින් මේ විදියේ කරදරකාරයෙක් කරන හිරිහැරය කෙනෙක්ට ඇති කරන මානසික පීඩාවත් සුළුපටු නෑ. විශේෂයෙන්ම මේ මැසෙන්ජර් ඇප්ස්, සෝෂල් මීඩියා තියෙන නවීන කාලෙදී එහෙම පස්සෙන් එන කෙනෙක්ට අපිව ලුහුබඳින්න තව තවත් ක්‍රම සහ විධි මතුවෙලා තියෙනවා. හැබැයි ඉතින් එහෙමයි කියලා අපේ ජීවිතේ පාලනය සහ හිතේ සාමය මේ විදියේ කරදරකාරයෙක්ට දීලා බලාගෙන ඉන්න බැහැනේ. අන්න ඒ නිසා අපි හිතුවා, stalker කෙනෙක්ගෙන් බේරෙන්නේ කොහොමද කියලා විස්තර කරලා දෙන්න.

 

මේක තමයි ප්‍රධානතම කාරණාව. තමන් පස්සෙන් ලුහුබඳින කෙනෙක් ඉන්නවා නම්, ඒ ගැන තහවුරු වුණු වහාම තමන්ගේ සමීප හිතමිත්‍රාදීන්ට සහ පවුලේ අයට කියලා තියන එක වටිනවා. එහෙම කියන්නේ හේතු කීපයක් උඩ. එකක් තමයි, අවශ්‍ය වෙලාවක ඇක්ෂන් එකක් ගන්න වුණත් තමන්ට තනියෙන් ප්‍රශ්නේ එක්ක ඩීල් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ, තමන්ට සපෝට් එකට සමීප අය ඉන්නවා නම්. දෙවෙනි එක, සාමාන්‍යයෙන් ඔය පස්සෙන් ලුහුබඳින්නෝ කරන දෙයක් තමයි, අපිට ලං වෙන්න බැරි නම්, වෙන මාර්ගෙකින් අපේ විස්තර දැනගන්න උත්සාහ කරන එක. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට ලඟ කෙනෙක් එක්ක මිත්‍ර වෙලා අපේ විස්තර දැනගන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි අපි කලින්ම අපිට ලඟ අයට අනතුරු අඟවලා තිබ්බොත්, ඒ අවදානම සෑහෙන්න දුරට අඩු කරගන්න පුළුවන්.

 

මුලින්ම කරන්න ඕන දේ තමයි, තමන් පාවිච්චි කරන සෝෂල් මීඩියා එකවුන්ට්ස් වල පාස්වර්ඩ් මාරු කරන එක. මොකද, ඔය පස්සෙන් ලුහුබඳින්නෝ ගොඩක් වෙලාවට උත්සාහ කරනවා අපේ සෝෂල් මීඩියා එකවුන්ට් වලට රිංගලා බලන්න, හැක් කරන්න එහෙම. එතකොට කෙනෙක්ට අනුමාන කරන්න බැරි අසීරු පාස්වර්ඩ් එකක් දාගන්න එක තමයි හරිම ක්‍රමේ. ඒ වගේම, දැන් කාලේ හැම සෝෂල් මීඩියා එකවුන්ට් එකකම තියෙන ටූ-ස්ටෙප්-වෙරිෆිකේෂන් අනිවාර්යයෙන්ම සක්‍රිය කරගන්න. එතකොට නිකම්ම පාස්වර්ඩ් ගැහුවට තමන්ගේ එකවුන්ට් එකකට කාටවත් රිංගන්න බෑ. එහෙම රිංගන්න හැදුවත් තමන්ට නෝටිෆිකේෂන් එනවා. ඒ වගේම, තමන්ගේ ස්මාට්ෆෝන් එක ස්ක්‍රීන් ලොක් එහෙම දාලා, පරිස්සම් කරගන්න බලන්න. ඒ වගේම, තමන්ගේ නොවෙන ඩිවයිස් වලින් තමන්ගේ සෝෂල් මීඩියා වලට එහෙම ලොග් නොවී ඉන්න එකත් ආරක්ෂාවට හොඳයි.

 

දැන් කාලේ විදියට මේක ටිකක් අමාරු දෙයක්. හැබැයි තමන් යන යන තැනට එන, පස්සෙන් ලුහුබඳින කෙනෙක් ඉන්නවා නම්, වෙන කරන්න දේකුත් නෑ. එහෙම පස්සෙන් ලුහුබඳින අය සමහර වෙලාවට තමන්ගේ ගෙවල් ගාව ඇවිත් රැඳිලා ඉන්න පුළුවන්. ඔෆිස් ඇරිලා අපි එලියට එනකල් ඔෆිස් එක ගාව රැකලා ඉන්න පුළුවන්. ආන්න ඒ නිසා, අපි තත්ත්වය ටිකක් සමනය වෙනකල් හරි හැම මොහොතකම තවත් කෙනෙක් එක්කවත් යන එක එක හොඳයි. උදාහරණයක් විදියට කියනවා නම්, අඩු තරමින් ඔෆිස් එකෙන් එළියට එන ටිකට හරි යාළුවෙක් එක්ක එන එක හොඳයි. ඊට පස්සේ ගෙදර එන්න වාහනේකට හරි පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකකට නැග්ගහම හරි අවදානම අඩුයිනේ. අනික් එක, ඔය අවේලාවේ තනිපංගලමේ යන ගමන් බිමන් නවත්තන එකත් මේ වගේ අවස්ථාවකදී ඇඟට ගුණයි.

 

මෙන්න මේක නම් ඇත්තටම අපේ ගොඩක් දෙනෙක් නොකරනම දෙයක්. ඒ තමයි සෝෂල් මීඩියා වල ඔළුව පාවිච්ච් කරලා හැසිරෙන්න දන්නෙ නැති එක. ඒ නිසාම, සමහර වෙලාවට අපේ සෝෂල් මීඩියා හැසිරීම, පස්සෙන් ලුහුබඳින ස්ටෝකර්ස්ලට පාර කියනවා වගේ වෙනවා. 

පළවෙනි දේ තමයි, තමන් යන එන කරන කියන හැම දෙයක්ම ෆේස්බුක් එකේ හරි ඉන්ස්ටග්‍රෑම් එකේ හරි අප්ඩේට් නොකරන භාවිතයක් හදාගැනීම. ඒ කියන්නේ තමන් යන යන තැන ඉඳලා ෆේස්බුක් ලයිව් එන එක, ටික් ටොක් කරලා දාන එක, ෆොටෝස් දාන එක, චෙක්-ඉන් දාන එක වගේ හැමදෙයක්ම එපා කියලා තමයි කියන්නේ. එහෙම නැතිනම් වෙන්නේ අපි යන එන හැමතැනක් ගැනම අපිව ෆලෝ කරන කරදරකාරී කෙනාත් දැනගන්න එක. අපිව ලුහුබඳින එක තව පහසු වෙන එක.

ඒ වගේම, සෝෂල් මීඩියා වල නොදන්න, ෂුවර් නැති ප්‍රොෆයිල්ස් වලින් එන මිතුරු ඇරයුම් භාර නොගැනීම, නොදන්නා අයගේ මෙසේජ් වලට උත්තර බඳින්න නොයෑම එහෙමත් හොඳයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here