පාසල් පටන් ගත්තට පස්සේ හදන අලුත් කාලසටහන – Saru News Media

0
43

හරියටම කාලසටහනක් හදන හැටි ගැන අපි මීට කලින් කතාකළා ඔයාට මතක ඇති. දැන් ඉතින් ඉස්කෝලේත් පටන් ගත්තනේ. එනිසා ඉතින් දැන් ඉස්සර වගේ නිදහස නම් නැතිවෙයි. ඉතින් ඒ සීමාකාරී නිදහසත් එක්ක පාඩම් වැඩ හරියට කරගන්න සුපිරියට කාලසටහනක් හදන හැටි ගැන අද අපි කතාකරමු.

 

ඉස්කෝල විතරක් නෙමෙයිනේ ඉතින් පාටන් ගන්නේ. අනිවාර්යයෙන් ඔයාගේ ටියුෂන් ක්ලාසස් ටිකත් මේ ගමන් පටන් ගන්නවා. අන්න ඒ හින්දා ඔයා මුලින්ම ටයිම් ටේබල් එකට ඇඩ් කරන්න ඔයාගේ ටියුෂන් ක්ලාසස් තියෙන වෙලාවලුයි ඊට පැය භාගයක් කලින් සහ පැය භාගයකට පස්සේ වෙලාවලුයි. මොකද ඔයා ටියුෂන් එකට යන්න ලෑස්ති වෙන වෙලාවයි ඉවර වෙලා එන වෙලාවටයිත් හරියන්න. මතක ඇතිව ඒ ගිහින් ආවට පස්සෙම පාඩම් කරන වෙලාවල් ඇඩ් කරන්න එපා… 

 

දැන් අපි ඉස්කෝලේ ගිහින්, ආයේ තියෙන ක්ලාසස් වලටත් ගිහින් නිදාගන්න වෙලාවත් ගත්තම අපිට පාඩම් කරන්න තියෙන වෙලාව සෑහෙන්න සීමිතයි. ඉතින් ඔයාට පුළුවන් උදේ ඉස්කෝලේ යන්න කලින් පැයක් වගේ වේලපහින් නැගිටලා පාඩම් කරන්න. ඊට පස්සෙ ආයේ ඉස්කෝලේ ගිහින් ඇවිත් පැයක්, දෙකක් පාඩම් කරන්න. අපි හිතනවා අතළඟ විභාගයක් නැත්නම් ඒ හොඳටම ඇති කියලා. 

 

 මෙහෙමයි, අපිට පාඩම් කරද්දී ඉක්මනින් එපා වෙන විෂයයන් තියනවා. තව අපි පාඩම් කරන්න කැමති සමහර විෂයයනුත් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ටිකක් අමාරු විෂයයන් උදේට පාඩම් කරන්න. උදාහරණයකට ඔයාට ගණන් අමාරු නම් ඔයාට පුළුවන් ගණන් විෂය උදේට පාඩම් කරන්න. ලේසි විෂයයන් ඉස්කෝලේ ගිහින් ඇවිත් පාඩම් කරන්න කාලසටහනට දාගන්න පුළුවන්. එතකොට කම්මැලි නැතුව පාඩම් කරන්න පුළුවන්. 

 

දැන් මෙහෙමයි, පාඩම් කරන්න ඉස්කෝලේනුත් නෝට් දෙනවා. ක්ලාස් එකේ නෝට්සුත් තියනවා. එතකොට ඔයා ගොඩක් ශෝර්ට් නෝට්ස් ගහන එක එතරම් සාර්ථක සහ ප්‍රායෝගික නැතිවෙයි. මොකද ගෙදර ඇවිත් ආයේ ඒ කරුණුම ලියනවා නම් වැඩක් නෑනේ. එනිසා ඔයාට පුළුවන් පාස්ට් පේපර්ස් කරන්න. තව ෆ්ලෑශ් කාර්ඩ් හදන්නත් ඔයාට පුළුවන්. අපේ වෙබ්සයිට් එකේ ඕනතරම් ඒ ගැන පෝස්ට් තියෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here