ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි ප්‍රදේශයේ නායයෑම් හා ගංවතුර හේතුවෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
19

ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි ප්‍රදේශයේ නායයෑම් හා ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර නිවාස 100 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ ඒජන්සිය පවසනවා.

ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි ප්‍රදේශයේ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් නිවාස විශාල සංඛ්‍යාවක් ගසාගෙන ගොස් මාර්ග වලට හානි සිදුව තිබෙනවා.

ජනවාරි මාසයේ ආරම්භ වූ වර්ෂා සමයේදී ඉන්දුනීසියාව නාය යෑම්වලට ගොදුරු වූ අතර සමහර ප්‍රදේශවල වන විනාශය හේතුවෙන් ගැටලුව උග්‍ර වුණා. දූපත් 17,000 කින් සමන්විත ඉන්දුනීසියාවේ ප්‍රදේශ ගණනාවකම ගංවතුර ඇති වුණා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here