‘13’ පදනම් කරගත් දේශපාලන විසඳුමක් ළගදීම ලැබෙනවා..

0
13

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කර ගනිමින් දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුවට විසඳුම් ලැබිය යුතු යැයි තමන් විශ්වාස කරන බව නෝර්වේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සොල්හයිම් මහතා ප්‍රකාශ කර ඇත.

පසුගියදා උතුරේ සංචාරයක නිරත වෙමින් රාජ්‍ය නිලධාරීන් හා මහජන නියෝජිතයන් හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලන විසඳුමක් ලබාදීමට නම් සිංහල මුස්ලිම් ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව මෙහිදී සොල්හයිම් මහතා පවසා ඇත.

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුව විසඳීම සඳහා වන මූලික අඩිතාලම විය යුතු වන අතර එම විසඳුම නුදුරේදීම ලැබෙනු ඇතැයි තමා විශ්වාස කර සිටින බවද ඔහු සඳහන් කර ඇත.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් ඒ ඒ පළාත්වල ජනතාවට ලැබෙන බලතල භාවිත කිරීමේ හැකියාවත් ලැබෙන බවද එරික් සොල්හයිම් මහතා පෙන්වා දී ඇත.

දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීමට නොහැකි වීම පිළිබඳව තමන් කනගාටු වන බව මේ අතර ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් මහතා හමුවූ අවස්ථාවේ එරික් සොල්හයිම් මහතා ප්‍රකාශ කර තිබිණි.

ලක්ෂ්මී ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here