කලින් දාගත්ත වැඩ නිසා සජිත්ට විවාදෙට ඒ දිනවල එන්න බෑ – සජබ කියයි – Saru News Media දේශීය පුවත්

0
15

සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක යන මහත්වරුන් අතර විවාදයක් පැවැත්වීමට සුදානමින් සිටින අතර පසුගිය කාලයේ දී දෙපාර්ශවයේම මත පළ වුණා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ දී සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන සමගි ජන බලවේග පාර්ශවය චෝදනා කළේ ජාතික ජන බලවේගය අදාළ විවාදය මග හරිමින් සිටින බවයි.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දැක්වු ජාතික ජන බලවේගය එම විවාදයට සුදුසු දින දක්වමින් ලිපියක් නිකුත් කර තිබෙනවා.

“ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්විමට යෝජිත විවාදය සදහා නිශ්චිත දින නියම වීමක් මෙතෙක් සිදු නොවීම හේතුවෙන් ජනතාව අතර මේ සම්බන්ධව නිවැරදි නොවන අදහස් මතුවීමේ ඉඩක් තිබේ. ඒ අනුව අප විසින් මීට ඉහත දී යෝජනා කළ පරිදි රට මුහුණ දී ඇති සමස්ත අර්බුදයට හේතු සහ විසදුම් පිළිබද විවාදය 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂයන් ලෙස ඉදිරිපත්වීමට නියමිත ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයින් දෙදෙනා අතර පැවැත්විය යුතු බව අපි අවධාරණය කරන්නෙමු. අප පක්ෂය වෙනුවෙන් නායක අනුර දිසානායක සහෝදරයා ඊට සහභාගී වනු ඇත. එම විවාදය සදහා 2024 මැයි මාසයේ 7/9/13/14 යන දිනවලින් එකක් යොදා ගැනීමට අප සුදානමින් සිටිමු. මේ සම්බන්ධව ඔබ පක්ෂයේ සුදානමට අනුව දිනය තෝරා ගැනීමෙන් අනතුරුව අදාළ වේලාව විවාදයේ කාලසීමාව ස්ථාන සහ විකාශනය වන නාලිකාව අපට පසුව සාකච්ඡා කර ගත හැකිය. එසේම යම් හෙයකින් සමගි ජන බලවේගය ලෙස මෙම විවාදයට එකග නොවන්නේ නම් ඒ බව කඩිනමින් දැනුම් දීමට ද කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටිමු. ”

කෙසේ වෙතත් අදාළ ලිපියට ප්‍රතිචාර දක්විමන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කියා සිටියේ ජාතික ජන බලවේගය ලිපිය මගින් දන්වා ඇති දින හතරටම එකඟ විය නොහැකි බවයි.

එම දින හතර තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කලින් යොදාගෙන තිබෙන සමුළු, සක්වළ වැඩසටහන් වැනි දේශපාලන වැඩකටයුතු හේතුවෙන් අදාළ දින හතර තුළ විවාදයට එකඟ විය නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

අනුර – සජිත් විවාදය පවත්වන දිනය ඒක පාර්ශිකව තීරණය කළ නොහැකි බවත් දෙපාර්ශවයම එකට සාකච්ඡා කර දිනයක් යොදාගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here