ෆොක්ස් හිල් ඛේදවාචකයෙන් පසුව පැවති DJ සංගීත රාත්‍රිය ගැන යුද හමුදාවෙන් නිවේදනයක් | Saru News Media

0
15

දියතලාව ෆොක්ස් හිල් තරගාවලියේ සිදු වූ අනතුරෙන් පසු ‘fox hill journey’ නමින් ඩී.ජේ සංගීත රාත්‍රියක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත්කර ඇති අතර, එහි දැක්වෙන්නේ අදාළ ඩී.ජේ සංගීත රාත්‍රිය යුද්ධ හමුදාවේ අනුග්‍රාහයෙන් සහ සංවිධානයෙන් පැවත්වූවක් නොවන බවයි.

ඛේදවාචකයකින් අවසන් වූ දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියෙන් පසු පෙරේදා (21) රාත්‍රියේ ඩී.ජේ සංගීත ප්‍රසංගයක් පවත්වා ඇත්තේ බණ්ඩාරවෙල ජාතික නිවාඩු නිකේතන පරිශ්‍රයේයි.

මෙම ප්‍රසංගය සඳහා 400කට වැඩි පිරිසක් සහභාගීව සිට ඇති අතර, ෆොක්ස් හිල් තරගාවලියට සහභාගී වූ තරගකරුවන් සහ ඔවුන්ගේ කණ්ඩායම් මෙන්ම තරගාවලිය නැරඹීමට පැමිණ සිටි පිරිස් ද මේ සඳහා එක්ව සිටි බවයි වාර්තා වුණේ.

පෙරේදා (21) රාත්‍රී 9.00ට පමණ ආරම්භ වූ මෙම ඩී.ජේ සංගීත ප්‍රසංගය ඊයේ (22) අලුයම කාලය දක්වා අධික ඝෝෂාකාරී ලෙස පැවති බව අවට ප්‍රදේශවාසීන් අපවෙත සඳහන් කළා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here