Google search engine
Home ගොසිප් පුවත් ක්‍රිකට් පිත්තේ මරණයට සැක සිසුවා පරිවාසයට

ක්‍රිකට් පිත්තේ මරණයට සැක සිසුවා පරිවාසයට

0
10

nawalapitiya-incident

නාවලපිටිය මොන්ටක්‍රිස්ටො ප්‍රදේශයේ ක්‍රිකට් තරගයක දී සිදුවූ බහින් බස්වීමකින් පසු 14 හැවිරිදි පාසල් සිසුවකු 13 හැවිරිදි පාසල් සිසුවකුගේ හිසට ක්‍රිකට් පිත්තකින් පහරදීමෙන් ඝාතනයට ලක්වූ සිසුවාගේ මරණය හිසට සිදුවූ

බරපතළ හානි නිසා සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී සී. එස්. චන්ද්‍රදාස මහතා නිගමනය කර ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ නාවලපිටිය කදිරේෂන් විදුහලේ ස්ටෑන්ලි ස්ටෙපික් නමැති සිසුවෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පාසල් සිසුවා පොලිස් භාරයට ගෙන නාවලපිටිය මහේස්ත්‍රාත් ලසාංජි රත්නායක මහත්මියට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 6 වැනිදා දක්වා ඔහු ළමා නිවාසයකට යොමුකර ඇති බව පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන් බරපතළ තුවාල වූ සිසුවා නාවලපිටිය රෝහලටත් ඉන් අනතුරුව මහනුවර මහ රෝහලටත් ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී සිසුවා පෙරේදා (30) මියගියේය.

 සුරංග රාජනායක

සිද්ධියට අදාළ පෙර ලිපිය
ක්‍රිකට් පිත්ත­කින් පහර දී 14 හැවි­රිදි පාසල් සිසුවෙක් 13 හැවි­රිදි සිසු­වකු මරයි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here