වීසා ප්‍රමාදවීමෙන් විදේශිකයන් ගුවන්තොටුපොළේ දී දැඩි අපහසුතාවට – Saru News Media උණුසුම් පුවත්

0
7

වීසා ප්‍රමාදවීමෙන් විදේශිකයන් ගුවන්තොටුපළේ දී දැඩි අපහසුතාවන්ට ලක්වු බව වාර්තා වනවා.

මේ අතර අප කළ විමසීමක දී ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ ගැටලුවට විසඳුම් ලබාදෙමින් වීසා නිකුත් කිරීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් තුනකට ලබාදීමත් සමඟ වීසා  නිකුත් කිරීමේ ප්‍රමාදයක් සිදුවු බව අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කරනවා.

මේ අනුව වීසා අයදුම්කිරීමේ දී ව්‍යාජ වෙබ් අඩවි මගින් සංචාරකයන්ගෙන් මුදල් අයකර ගෙන ඇති බව ද හෙළිවුණා.

මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අප කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ වන විට ගැටලුව නිරාකරණය කර ඇති බවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here