කැස්බෑ පැටවුන් 1125ක් මුහුදට මුදාහරී – Saru News Media දේශීය පුවත්

0
12

ජිවිත දානය ලබාදීම උතුම්ම පූණ්‍ය ක්‍රියාවක්. බක්පුර පසලොස්වක පොහො දිනයේ එවැනි උතුම් ක්‍රියාවක් මාතර වෙරළ තීරයේ දී සිදුකෙරුණා.

වනජීවි දෙපාර්තමේන්තුවේ මිරිස්ස කාර්යාලයේ නිලධාරීන් මාතර සිට තලල්ල දක්වා වෙරළ තීරයේ රාත්‍රී මුර සංචාරවලදි කැස්බෑ බිත්තර විශාල සංඛ්‍යාවක් සොයා ගෙන තිබුණා.

වෙරළ තීරයේ පිහිටි බීජ ඖෂණය මධ්‍යස්ථානයේ දී සංරක්ෂණය කොට ඉන් ලබාගත් කැස්බෑ පැටවුන් 1125 දෙනෙකුට ජිවිත නිදහස ලබාදීම මාතර වෙරළ තීරයේ දී සිදුවුණා.

බටු කැස්බෑවුන් සහ කොළ කැස්බෑවුන් යන වර්ග දෙකට අයත් මෙම පැටවුන් මුදා හැරුණු අවස්ථාවට රුහුණ විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා පීඨයේ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.

වනජිවි දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී ඒ ටි ආර් රවීන්ද්‍ර කුමාර මහතාගේ උපදෙස් මත එහි නිලධාරීන් හා ස්වේච්ඡා මාර්ගෝපදේශකයින්ගේ මැදිහත්වීම මතයි මෙම සත්ක්‍රියාව සිදුවුණේ.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here