කොන්දේසි විරහිත සටන් අරඹනවා..- පුද්ගලික වෛද්‍ය උපාධියට GMOA හරහට

0
10

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

වෛද්‍ය අධ්‍යාපනයේ ඉදිරි ගමන හා කොතලාවල වෛද්‍ය පීඨය හරහා මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ කැබිනට් තීරණය හේතුවෙන් උද්ගත වී ඇති වර්තමාන අර්බුදකාරී තත්ත්වය.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය යනු අතිශයින් ඉහළ ප්‍රමිතියක් සහ නියාමනයක් සහිතව පවත්වාගෙන යන පද්ධතියකි.

මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තරය ඉදිරියේ ඉහලින්ම පැවතීමට ප්‍රධානතම හේතුව වන්නේද එම වෛද්‍ය අධ්‍යාපන පද්ධතිය හරහා බිහි වූ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සහ කුසලතා පරිපූර්ණ වෛද්‍යවරුන්ය.

ඉතිහාසය පුරා එම  ප්‍රමිතිය පවත්වාගෙන යාමට සහ වඩාත් ඉහළ නැංවීමට වගකිවයුතු  සියලු පාර්ශවයන් කටයුතු කර ඇත්තේ එය අත්හළ නොහැකි වගකීමක් සේ සලකමිනි.

එමෙන්ම ශ්‍රී ලාංකේය වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය අභියෝගයට ලක්වූ සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව මෙම සියලු පාර්ශව කොන්දේසි විරහිතව කටයුතු කර ඇත.

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතිහාසය පුරා ගනු ලැබූ අත්තනෝමතික තීරණ වල අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ඛේදවාචකයන්ය. එබැවින් මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත යුත්තේ අතිශය කල්පනාකාරීව බව ඉතිහාසය යළි යළිත් සපථ කර ඇත.

එහෙත් පසුගියදා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව කොතලාවල වෛද්‍ය පීඨයට මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධිය ලබා ගැනීමට ප්‍රථම වරට දේශීය සිසුන්ට අවස්ථාව ලබාදීමේ තීරණය පිළිබඳව බරපතල ගැටලු ගණනාවක් උද්ගත වී ඇත.

මීට පෙර ශ්‍රී ලංකාව තුළ කිසිඳු අවස්ථාවක දේශීය සිසුන්ට  මුදලට වෛද්‍ය උපාධිය ලබාදී නොමැත. එබැවින් මෙය මෙරට වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අතිශය බැරෑරුම් ව්‍යුහාත්මක වෙනසකි. වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමේදී ඊට අදාළ සියලු පාර්ශවයන්හි අදහස් සහ එකඟතාවය ලබා ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හේතු සහිතව දිගින් දිගටම පෙන්වා දී තිබුණද, එසේ නොකර ඉදිරියට එන මෙවන් අත්තනෝමතික තීරණ හරහා යළිත් තහවුරු වන්නේ පාලකයින් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා බවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here