On Arrival වීසා ගැටලුවට ඇමති ටිරාන් උත්තර බඳීයි | Saru News Media

0
16

ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීමේ කටයුතු සඳහා පහසුකම් සැලසීමට පෞද්ගලික සමාගමක් තෝරා ගනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තු අන්තර්ජාල වේදිකාවේ පැවති අඩු පහසුකම් හේතුවෙන් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

එම වේදිකාව නවීන ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමට වසර 04ක් පුරා ගත් උත්සාහයන් අසාර්ථක වී ඇතැයි අද (06) දිනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය ටිරාන් අලස් පෙන්වා දුන්නා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන ගිය ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වන අවස්ථාවේ දී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය හෙවත් On arrival visa නිකුත් කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් 17 වැනිදා සිට වී.එෆ්.එස්. ග්ලෝබල් සමාගමට ලබාදී තිබුණා.

ඒත් සමගින් සංචාරකයින්ගෙන් වීසා සඳහා අය කෙරන ගාස්තු ඉහළ නංවනු ලැබුවා.

එමෙන්ම ගුවන්තොටුපල වීසා කවුලුවේ ප්‍රමාද වීම් හේතුවෙන් පසුගිය පළමුවැනිදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දිගු පෝලිම් නිර්මාණය වුණා.

ඒත් සමගින් එහි ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

එල්ල වූ දැඩි විරෝධය හමුවේ වීසා නිකුත් කිරීම යළිත් පැරණි ගාස්තු ක්‍රමය යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පවරනු ලැබුවා.

උද්ගත වූ තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සිය
අමාත්‍යංශයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද කැඳවා තිබුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here