ගාසා තීරයේ රෆා වෙත ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක් – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
9

ගාසා තීරයේ රෆා වෙත ඊශ්‍රායලය දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළා.

ඊශ්‍රායල යුද ටැංකි රෆා දේශසීමා වෙත සමීප වී ඇති බව වාර්තා වනවා.

මේ අතර රෆා වෙත එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් හමාස් නායක ඉස්මයිල් හනියේ පවසන්නේ කටාර් හා ඊජිප්තු මැදිහත්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද ගාසා සටන් විරාම යෝජනාව තම කණ්ඩායම පිළිගෙන ඇති බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පවසන්නේ මෙම යෝජනාව ඊශ්‍රායලයේ ඉල්ලීම්වලට වඩා වෙනස් නමුත් ඊශ්‍රායල රජය කයිරෝ වෙත දූත පිරිසක් සාකච්ඡා සඳහා යවන බවයි. මෙම ප්‍රහාරවලට පෙර පලස්තීනුවන් දස දහස් ගනනකට ඉවත් වන ලෙස ඊශ්‍රායලය නියෝග කර තිබුණා.

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here