“මාකොල සුද්දා” අයිස් මත්ද්‍රව්‍ය තොයක් සමඟ අත්අඩංගුවට – Saru News Media දේශීය පුවත්

0
9

මියගිය පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන වතුපිටිය පතිරණගේ දමිත් ප්‍රභාසිත අත්තනායක හෙවත් මාකොල සුද්දා විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ බස්නාහිර පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්  කඩවත පොලිස් වසමේ කඩවත – කොළඹ, කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල දී සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලග පොදු වෙළද සංකිර්ණය ඉදිරිපිට වේල්ලවත්ත පිවිසුම අසල දී වැටලීම් සිදුකර ඇත.

එහි දී විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව කඩවත – කොළඹ, කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල දී සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යෑමේදී විශේෂ කාර්ය බලකා නිළධාරියෙකු අනතුරට ලක්කර එම මෝටර් රථය පලා යෑමට උත්සාහ කර ඇති අතර රථය එකවරම පිටුපසට ගැනිමෙිදි මෝටර් රථයෙ පිටුපස කොටස ගැටීමෙන් සිදුවු හානි සමග අධිවෙි⁣ගී මාර්ගයේ විශේෂ සේවා දොරටුවෙන් පලා යෑමට උත්සාහකර ඇත.

එහිදි පිටුපස ටයරයේ හුලං බැසයෑමෙන් ධාවනය කිරීමට අපහසු වු පසු සැකකරු මෝටර් රථයෙන් පැන අධිවේගී මාර්ගයේ දිවයද්දී විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සැකකරු බලවත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී සැකකරු පැමිනි මෝටර් රථයේ තිබී අයිස් 10g යි 650 mg ක ප්‍රමාණයක් ද සොයා ගත් අතර ඔහුගෙන් සිදු කරනු ලැබූ ප්‍රශ්ණ කිරීම් වලදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලග පොදු වෙළද සංකීර්ණය ඉදිරිපිට වේල්ලවත්ත පිවිසුම අසලදී මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයෙකු වු දැනට මියගොස් සිටින මාකඳුරේ මධුෂ් යන අයගේ කණ්ඩායම සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ලද පුද්ගලයකුද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 22 මිලි ග්‍රෑම් 680 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අංක 104/2, ලින්දර, පමුණුවත්ත ලිපිනයේ සහ අංක 88/44, පර්තිලන් පාර, කොළඹ 14 පදිංචි වයස අවුරුදු 36 ක් හා අවුරුදු 31 වන පුද්ගලයින් දෙදෙනෙකු වන අතර මොවුන් සන්තකයේ තිබී ජාවාරමින් උපයා ගන්නා ලද මුදල් රුපියල් 8,400.00 ක් හා ඩිජිටල් තරාදියක්, ජංගම දුරකථන 05 ක් හා මුදල් ගනුදෙණු සටහන් පොතක්ද ,මොවුන් දෙදෙනා සන්තකයේ තිබී සම්පූර්ණ අයිස් 1kg 22g 650mg ක ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.

මෙම අනතුරින් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරියා රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here