ගෙදරට වෙලා ඉන්න මේ ටිකේ ඉන්ටර්නෙට් ලෝකේ නොමිලේ දෙන මේ දේවල් ලබාගන්න – Saru News Media

0
11

මේ දවස්වල ගත කරන්නේ අපි හැමෝම එක විදියක ගුහා ජීවිතයක්. මෙහෙම කාලයක් ආයේ එන්නේ නෑ. කාලයක් කියන්නේ අවස්ථා මහ ගොඩකට. කකා බිබී නිදාගන්නේ නැතුව කරන්න දාහක් දේවල් තියෙනවා මේ කාලේ. ඉතින් එහෙම කරන්න දෙයක් ගැන අයිඩියා එකක් නැත්නම් මේ දේවල් ප්‍රයෝජනවත් වේවි. ඩේටා කපන් සෝෂල් මීඩියාවල රවුම් ගහන කාලය මේවට යොදවන්න.


ඩ්‍රොප්ෂිපින් කියන්නේ මේ සියවසේ බිස්නස් මොඩල් එකට. ඒකෙදි වෙන්නේ තමන්ගේ නොවන භාණ්ඩයක් තමන්ගේ වගේ විකුණන එක. එහෙමයි කියලා මේක නීතිවිරෝධී බිස්නස් එකක් නම් නෙවෙයි. මේ වැඩේ කරන්න ඊ කොමස් සයිට් ගොඩක් තියනවා. ගොඩක් අය කරන්නේ eBay එක්ක. ඒත් අපි අද Shopify ගැන කියන්නේ එයාලා මේ කොරෝනාව අස්සේ මාස 3කට සර්විස් එක ෆ්‍රී දෙන්න හිතලා නිසා. නැත්තන් Basic Plan එකක් විදියට ඩොලර් 29ක් දෙන්න ඕනි. eBay එක හොඳයි. ඒත් ඒකේ නීති හැටහුටහමාරයි. මේ ඔෆර් එකේ වාසිය දෙපාරක් නොහිතා ගන්න. Shopify කෙරුවාව නොතේරුණ අය ඔහොම ම ඉඳලා දෙවෙනි පොයින්ට් එක දිහා බලන්න.

 

Oberlo එක කරන්නේ Ali Express එකේ තියන බඩු අපේ Shopify ඉස්ටෝරුවට දාන එක. ඒ වැඩේ ලේසි කරන එක. ඒක පැත්තක තියන්නකෝ. Shopify එක්ක ඩ්‍රොප්ෂිපින් කරන විදිය ගැන අයන්නේ ඉඳන් තියන කෝස් එකක් මෙයාලගේ සයිට් එකේ මේ දවස්වල නොමිලේ දෙනවා. Oberlo සයිට් එකට ගියාම කෝස් එක පෙන්නනවා. එතන කෝඩ් එක විදියට LEARNFROMHOME දෙන්න. එතකොට වෙනදට ඩොලර් 49ක් වුණ කෝස් එක නිකන් ම කරන්න පුළුවන්.

 


මේ තකහනියක් ඩ්‍රොප්ෂිපින් ගැන ම කියවගෙන යන්නේ ඉස්සරහට ගොඩක් අයට රැකියා අර්බුදයකට ආර්ථික අවුලකට මුහුණ දෙන්න වෙන නිසා. අනික දැන් ඩොලරයත් රුපියල් 200 පන්නලා. ඒක ඔන්ලයින් බිස්නස් කරන අයට වාසියක්. ඉතින් Zik Analytics කියන්නෙත් Oberlo වගේ ම වැඩේට උදව් වෙන සයිට් එකක්. එයාලත් ඩ්‍රොප්ෂිපින් ගැන කෝස් එකක් මේ දවස්වල එයාලගේ සයිට් එකේ ෆ්‍රී කරනවා.

 

ටෙකියෝ නම් මේ සයිට් එක ගැන දන්නවා. නමුත් මේක එයාලට විතරක් සීමා නොවී IT ගැන ආසාවක් තියන ඕනෑම කෙනෙක්ට විවෘත තැනක්. මේකේ එක එක IT විෂයයන් සම්බන්ධ කෝස් තමයි තියෙන්නේ. අප්‍රේල් මාසය පුරාවට කෝස් 7000කට වඩා ෆ්‍රී දෙන්න එයාලා තීරණය කරලා. ඉතින් මේ වටිනා අවස්ථාව නැති කරගන්න එපා.


Internet Archive කියන්නේ ඔන්ලයින් ලයිබ්‍රරි එකක් සරලවම. එයාලා මේ කොරෝනාවත් එක්ක මිලියන 1.4ක් පොත්, ඒ කියන්නේ පොත්වල වටිනාකම නෙවේ පොත් ගණන! ඒ පොත් ඔක්කොම නොමිලයේ පාඨකයන්ට බලන්න ඉඩ දීලා. ඒවා බලන්න ඉතින් සයිට් එකට ගිහිල්ලා අකවුන්ට් එකක් හදාගන්න වෙනවා.

 


Pluralsight වගේ ම ඉගෙනගන්න හදපු තැනක්. මේකේ කෝස්වලට සෑහෙන ඇකඩමික් උදවිය සම්බන්ධයි. කොරෝනාවත් එක්ක කෝස් 3800ක් නිකන් ම දීලා. ඒ මදිවට Ivy League එකේ කෝස් එහෙමත් මේ කාල සීමාවේ එයාලගෙන් ගන්න පුළුවන්, නොමිලයේ!

 


පොඩ්ඩක් විනෝදකාමී පැත්තට ආවොත් සම්පූර්ණයෙන් ම HBO ඇක්සස් එක තියේ කියලා නම් ඉතින් හිතන්න එපා. තෝරාගත්ත කතාමාලා කීපයකට හරියන්න පැයවලින් ගත්තොත් 500ක් ෆ්‍රී ලැබෙනවා. The Sopranos, Veep, The Wire සහ Pokemon Detective Pikachu ඒ තෝරාගත් ඒවා අතර තියෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here