චමරිගෙන් යළි විශිෂ්ට ඉනිමක් – ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස පිළෙන් සුපිරි ජයක්

0
10

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශූරතාව අපරාජිතව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, අවසන් මහා තරඟයේදී ස්කොට්ලන්තය ලකුණු 68කින් පරාජය කරමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 05ක් දැවී ලකුණු 169ක් රැස් කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු පන්දු 63කදී ලකුණු 102ක් රැස් කිරීමට සමත් වුණා. ඊට 06 පහර හතරක් සහ 04 පහර 13ක් ඇතුළත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලු 07ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 101ක් පමණයි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ උදේශිකා ප්‍රබෝදනී ලකුණු 13කට කඩුලු 03ක් බිඳ හෙළුවා.

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමත් සමග ශ්‍රී ලංකාව මෙන්ම ස්කොට්ලන්තයද පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තා.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ලෝක කුසලානයේදී ඒ කාණ්ඩයෙන් තරඟ වදිනු ඇති. එම කාණ්ඩයට ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව, නවසීලන්තය හා පකිස්තානයද ඇතුළත්.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here