HNB, Prime Group සමඟ එක්ව නිවාස හිමියන් සවිබල ගැන්වීමේ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි – Saru News Media | Sri Lanka Business News

0
11

ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ස්ථාවර නිවාස හිමියන් වෙත සුවිසල් ප්‍රතිලාභ හා මිල ගණන් ලබා දීම වෙනුවෙන් මෙරට දේපොල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime Group (ප්‍රයිම් සමූහය) සමඟ සිය හවුල්කාරීත්වය නැවත අලුත් කළේය.

දිවයින පුරා සුවිශේෂී ස්ථානවල පිහිටා ඇති Prime Group හි නිවාස ව්‍යාපෘති මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දීම සඳහා මෙම හවුල්කාරීත්වය තුළින් අවස්ථාව උදා වනු ඇති අතර මෙම හවුල්කාරීත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමේ අවස්ථාව නිවේදනය කිරීම සඳහා මෙම ආයතන දෙක අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB සහකාර සාමාන්‍යාධිකාරී පුද්ගලික මූල්‍ය සේවා කාංචන කරුණාගම මහතා සඳහන් කර සිටියේ “අපගේ ගනුදෙනුකරුවන්ගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් අප නිරන්තරයෙන් කැපවී කටයුතු කරනවා. එය යථාර්තයක් බවට පත් කර ගැනීමට Prime Group සමඟ වන අපගේ දිගු කාලීන සහයෝගීතාවය නැවත වරක් අලුත් කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වනවා” යනුවෙනි.

සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඉහළම වටිනාකම් හිමිකර දීමට කටයුතු කර ඇති HNB මෙම ප්‍රවර්ධන කාලය තුලදී විශේෂ පොලී අනුපාතයන් හඳුන්වාදීමටද කටයුතු කර ඇත්තේ නිවසක් මිලදී ගැනීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්ට පහසු හා නම්‍යශීලී මූල්‍ය විසඳුම් ලබා දෙමිනි. පහසු ආපසු ගෙවීමේ ක්‍රමයන් සමඟින් නිවෙස් වෙතටම ගොස් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් වන උපදේශන සේවා මෙන්ම නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය සියලු නීතිමය සේවාවන් ලබා දීමටද HNB මෙහිදී කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Prime Group ආයතනික සබඳතා අධ්‍යක්ෂ නලින්ද හීන්ටිගල මහතා පැවසුවේ “Prime Group ලෙස අපි නිරන්තරයෙන් මිනිසුන්ගේ සිහින සැබෑ කිරීමට සූදානමින් සිටිනවා. ගනුදෙනුකරුවන්ගේ එම බලාපොරොත්තු ඉටු කිරීමේ තවත් පියවරක් ලෙස HNB සමඟ වන මෙම හවුල්කාරීත්වය සඳහන් කළ හැකියි. මේ ආකාරයෙන් ශ්‍රී ලාංකිකයින් හට පහසුවෙන් නව නිවසක් උරුම කර ගැනීම වෙනුවෙන් නව්‍ය විසඳුම් හඳුන්වා දීමට අපි ඉදිරියේදීත් කටයුතු කරනවා.” යනුවෙනි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here