ලෝක කුසලාන තරගාවලියට යන ශ්‍රී ලංකා විස්සයි20 අවසන් සංචිතය තවමත් තෝරා නැති හෙයින් ක්‍රීඩකයන් 25කට වීසා ලබා ගැනීමට ක්‍රිකට් කළමනාකාරීත්වය කටයුතු යොදා ඇත. අවසන් සංචිතයේ සිටින ක්‍රීඩකයින් 15 අෙමරිකාවේ දේශගුණය හා තණතිලිවල ස්වභාවය කල්ඇතිව අධ්‍යයනය කිරීම වෙනුවෙන් ලබන 13 වැනිදා නිව්යෝර්ක් බලා පිටත්වේ.
ශ්‍රී ලංකා විස්සයි20 අවසන් සංචිතයට එක්වීමේ අපේක්ෂාවෙන් සිටින නායක වනිඳු හසරංග, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, අකිල ධනංජය, භානුක රාජපක්ෂ, ජෙෆ්රි වැන්ඩසේ, නුවන් තුෂාර, මහීෂ් තීක්ෂණ, දසුන් ශානක, ධනංජය ද සිල්වා, කමිදු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, විජයකාන්ත් වියෙස්කාන්ත්, චරිත් අසලංක, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුසංඛ, පැතුම් නිශ්ශංක, මතීෂ පතිරණ, සදීර සමරවික්‍රම, ප්‍රමෝද් මධුෂාන්, ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයින්ට අමෙරිකාව බලා පිටත්ව යෑමේ අවසරය හිමිව තිබේ. ශ්‍රී ලංකා පිල අමෙරිකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.
ලෝක කුසලාන තරගාවලියට යන ශ්‍රී ලංකා විස්සයි20 අවසන් සංචිතය තෝරා ගැනීම උදෙසා ක්‍රීඩකයන් 32ක් අතරේ පුහුණු තරග 6ක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු යොදා ඇති අතර දැනට එම තරග 3ක් නිමාවට පත්ව තිබේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ පුහුණු තරග මැයි මස 11 වැනිදා නිමාවට පත්වීමට නියමිතය.
එම පුහුණු තරග හයේදී දක්වන දක්ෂතා සැලකිල්ලට ගෙන ලෝක කුසලාන තරගාවලියට යන ශ්‍රී ලංකා විස්සයි20 අවසන් සංචිතයේ ක්‍රීඩකයන් 15 ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය ජූනි මස 3 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ නිව්යෝර්ක් හි නස්සාවූ කවුන්ටි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අනතුරුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය ඩලස්හි ග්‍රෑන්ඩ් ප්රාරයිරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජූනි මස 8 වැනිදා පැවැත්වීමට නියමිතය.
(ප්‍රින්ස් ගුණසේකර)
Saru FM Media