ගින්නකින් ඇඟලුම් කර්මාන්ත ශාලාවකට දැඩි අලාභ හානි – Saru News Media උණුසුම් පුවත්

0
5

ඒකල ප්‍රදේශයේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වු ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

ඒකල කර්මාන්ත පුරයට ආසන්නයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන තිබෙන්නේ ඊයේ රාත්‍රීයේයි.

ගින්න හටගැනීමත් සමඟ කර්මාන්ත ශාලාවේ සිටි සේවකයින් ඉවත් කිරීමට කඩිනමින් පියවර ගැනීම හේතුවෙන් ජිවිත හානි වළක්වා ගැනීමට හැකිවී තිබෙනවා.

ගම්පහ ,කොළඹ ,මීගමුව ගුවන් හමුදා ගිනිනිවීම් ඒකක මගින් ගින්න නිවා දැමීමට කටයුතු කළා.

ඒ හේතුවෙන් කර්මාන්ත ශාලාව ආසන්නයේ තිබු අනෙක් කර්මාන්ත ශාලාවලට ගින්න පැතිර යාම වළක්වා ගැනීමට හැකි වි තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ගින්නෙන් සිදුව ඇති හානිය රුපියල් බිලියන ගණනක් විය හැකි බවයි පාලන අධිකාරිය ප්‍රකාශ කළේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here