චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ලොකුම බාධාව වෙයි…

0
3

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ලොකුම බාධාව වී ඇත්තේ චීනය දැඩි ස්ථාවරක පසුවීම බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කරයි.

ලර්න් ඒෂියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාද වන ඒ මහතා පෙන්වා දෙන්නේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන තුළ වේගවත් ගමනක් ගොස් ඇතත් තවමත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණ නැත්තේ චීනය දැඩි මතයක සිටින නිසා බවයි.

චීනයේ එම ස්වභාවය ලංකාවට පමණක් නොව ලෝකයේ වෙනත් රටවලටද පොදු වන බවත් ණය ගෙවීමට ඔවුන් සහන නොදෙන බවත් එනිසා මුල්‍ය අරමුදල මෙම ගැටලුවට විසඳුම් සෙවීමට චීනය සමග සාකච්ඡා කරමින් ඇති බවත් හෙතෙම කියා සිටියි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here