E-Visa ක්‍රමවේදය ගැන VFS Global සමාගමෙන් නිවේදනයක්

0
17

බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග ඇතිවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් ඊට අදාළ බව

සඳහන් කෙරුණු VFS Global සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය මගින් VFS Global සමාගම පෙන්වාදෙන්නේ 2004 සිට සිය සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය.

මේ අතර තම සමාගම එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව නවසීලන්තය ප්‍රංශය ජර්මනිය ඉතාලිය ස්විට්සර්ලන්තය, නෝර්වේ, ඔස්ට්‍රියා, ලැට්වියා, හංගේරියාව, ක්‍රොඒෂියාව, මෝල්ටාව සහ ග්‍රීසිය ඇතුළු රටවල් 23කට අදාළ වීසා අයදුම්පත් සකස් කිරීමේ කාර්යය සිදුකරන බවද පවසයි.

එසේම තම සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ සහ යාපනයේ ක්‍රියාත්මක කෙරෙන වීසා මධ්‍යස්ථාන 6ක මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යන බවද එම නිවේදනයේ දැක්වෙයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එම මධ්‍යස්ථාන තුළ ශ්‍රී ලාංකිකයින් 123ක් සේවයේ නිරතව සිටින බවය.

එසේම 2004 වසරේ සිට සිය මෙහෙයුම් ආරම්භ කර මේ වනවිට වීසා අයදුම්පත්‍ර මිලියන 3.2කට අධික ප්‍රමාණයක් සඳහා සේවා සැපයීමේ කටයුතු ඔවුන් සිදුකර ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ රජය විසින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ නව E-Visa ක්‍රමවේදය සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව තම VFS Global සමාගමට අමතරව GBS Technology Services සහ IVS Global FZCO සමාගම් සමග ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට එළැඹුණු බවද එම සමාගම සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

* ඔවුන්ගේ කාර්යය වනුයේ වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියේ පරිපාලනමය සහ විනිශ්චයන් නොවන කාර්යයන් කළමනාකරණය කිරීම පමණක් බවත් සිය නිවේදනය මගින් VFS Global සමාගම පෙන්වාදී ඇත.

* එසේම වීසා ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අවසන් තීරණය ආගමන විගමන දෙපාර්තමේන්තුව පමණක්ම හිමිවන බවද සිය නිවේදනය මගින් VFS Global සමාගම වැඩිදුරටත් පවසයි.

එම නිවේදනයේ අවසාන වශයෙන් දැක්වෙන්නේ මෙම නව E-Visa ක්‍රමවේදය තායිලන්තය, ඩුබායි, අසර්බයිජානය, ඉක්වටෝරියල් ගිනී සහ සුරිනාම් ඇතුළු රාජ්‍යන් 12ක VFS Global සමාගම හරහා ක්‍රියාත්මක වන බවය.

PDF 1PDF 2

(adaderana.lk)

 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here