චීනය හැර දමා පිලිපීනය අමෙරිකාව සහ ජපානයට ලං වෙයි

0
13

චීනය ‍සමග ආරම්භ කිරීමට නියමිතව තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ව්‍යාපෘතියක් අතහැර දැමීමට පිලිපීනය තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට අදාළ ව්‍යාපෘතිය සඳහා විකල්ප මූල්‍ය ගනුදෙනු වෙනුවෙන් අමෙරිකාව හෝ ජපානය සමග එක්ව කටයුතු කිරීමට පිලිපීනය උත්සහ කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඉකුත් සතියේ අමෙරිකානු, ජපාන හා පිලිපීන නායකයින් අතර ධවල මන්දිරයේ පැවැති හමුවේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි ද සඳහන්.

පිලිපීන පෙසෝ බිලියන 50 ක පිරිවැයකින් යුත් ව්‍යාපෘතිය හරහා පැවැති අමෙරිකානු හමුදා කඳවුරු වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇති බවයි පැවසෙන්නේ.

අමෙරිකාව හෝ ජපානය එම ආයෝජන අවස්ථාව හිමිකර ගනු ඇතැයි අපේක්ෂා කරන බව ද පිලිපීනය පවසා තිබෙනවා.

චීනයේ ප්‍රගතියක් නොමැති බැවින් දුම්රිය ඇතුළු ව්‍යාපෘති 03 කට තවදුරටත් චීන ණය ලබා නොගන්නා බව පිලිපීනය ප්‍රකාශ කළා.

පිලිපීනය චීනයට එරෙහිව එලෙස දැඩි තීරණයකට එළඹ ඇත්තේ දකුණු චීන මුහුද පදනම් කර ගනිමින් දෙරට අතර වර්ධනය වෙමින් ඇති අර්බුධය මධ්‍යයේ වීම විශේෂත්වයක්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here