ජනපති සටනට ශක්තිය පෙන්වමින් ප්‍රධාන මැයි රැලි පැවැත්වෙන ස්ථාන ඔබ දන්නවා ද?

0
15

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජන බලය ප්‍රදර්ශනය කරමින් මෙවර මැයි දින රැලි සහ පෙළපාලි සංවිධානය කිරීමට ප්‍රධාන

දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කටයුතු කරමින් සිටී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය කොළඹ, මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතව ඇත.

ජාතික ජන බලවේගය කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුරයේ දී මැයි රැලි හතරක් සංවිධානය කරනු ලැබේ.

කොළඹ චැතම් වීදියේ සහ වතුකරයේ මැයි රැලි දෙකක් පැවැත්වීමට සමගි ජන බලවේගය සුදානම් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බොරැල්ල, කැම්බල් පිටියේ දී මැයි රැලිය පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය ගම්පහ දී මැයි රැලිය පවත්වන බවට පවසා තිබේ.


පොලීසිය සීරුවෙන්.. ඩ්‍රෝන යානා භාවිතය තහනම්

මෙවර දිවයිනේ විවිධ ප්‍රදේශවලදී මැයි දින පෙලපාලි සහ මැයි රැලි 40ක් පැවැත්වීමට නියමිත බව පොලිසිය පවසයි.

එම පෙලපාලි සහ මැයි රැලිවල ආරක්ෂාව මෙන්ම රථ වාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරින් 3,100ට වැඩි ප්‍රමාණයක් දිවයින පුරා යොදවන බව ඊයේ (29)  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසිය.

අවසරයකික් තොරව මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව ද පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ, එලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගතයුතු බවයි.

මෙම නීතිය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාළ වනු ඇත.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here