ඊයේ දිනයේදී ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 34ක් මිය යයි – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
21

ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ඊයේ දිනයේදී එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී සාම සාකච්ඡා පැවැත්වෙනවා.

එහෙත් ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරයන් අඛණ්ඩව සිදුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සදහා ඊශ්‍රායලය නව යෝජනාවලියක් ලබාදී ඇති අතර හමාස් සංවිධානය ඊට එකගවනු ඇති බවටයි ඇමෙරිකාව විශ්වාසය පළකරන්නේ.

එමෙන්ම ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය,  ඊශ්‍රායලයේ නව යෝජනාවලියට එකගත්වය පලකර දින 40ක සටන්විරාමය ක්‍රියාත්මක කිරීමට සහයෝගය දක්වන ලෙස හමාස් සංවිධානයට දැනුම් දී තිබෙනවා.

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here