ජනපති හා ජපාන විදේශ ඇමති අතර හමුවක්

0
16

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකවා අතර නිල හමුවක් අද සිදුවුණා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය, ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ උත්සාහයන් මෙන්ම ජපානය විසින් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත අනාගත ආයෝජන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කළ බවයි ජනාපති මාධ්‍ය අංශය පැවසුවේ.

දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට පැමිණියේ අද පෙරවරුවේදීයි.

ඉන් අනතුරුව දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් ඉන් අනතුරුව සිදුවුණා.

ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකවා දිවයිනේ රැඳී සිටින කාලය තුළදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මෙරට නියෝජිතයන් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතයි. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here