ජපන් ජාතිකයන්ට ජනපති දුන් පොරොන්දුවක් ගැන ජපානයේ ව්‍යාපාරික සංගමයේ සභාපති කියයි – Saru News Media දේශීය පුවත්

0
12

ජපන් ජාතිකයන්ට වීසා ගාස්තු අයකිරීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමට අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ බව ජපානයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා පවසනවා.

අද දින පවතී මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා

එහිදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපන් සංචාරකයට සහභාගි වූ අවස්ථාවේ දී ජපන් ව්‍යාපාරික සංගමය හා එක්ව පැවති සාකච්ඡාවේ දී ඒ බව ප්‍රකාශ කළ බවයි.

මෙම වසරේ ජනවාරි මස පළමු වන දින සිට මාර්තු මස 06 වන දක්වා පමණක් ජපන් ජාතිකයන් 5123ක් වැනි විශාල පිරිසක් ශ්‍රී ලංකාව තුළ සංචාරය සඳහා පැමිණ ඇති බවත් ශ්‍රී ලංකාවට විශාල සංචාරක ආකර්ෂණයක් ලබාදීමට ව්‍යාපාරික සංගමය මගින් ද විවිධ උත්සව පවත්වමින් කටයුතු කරනු ලැබූ බවත් රාමනායක මහතා කියා සිටියා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here