Google search engine
Home ගොසිප් පුවත් 14 වියැති පෙම්වතිය මාස 4 ක් අපයෝජනය කළ 32 පෙම්වතා වසර 21...

14 වියැති පෙම්වතිය මාස 4 ක් අපයෝජනය කළ 32 පෙම්වතා වසර 21 ක් හිරේට

0
16

balapitiya-incident

පාසල් සිසු­වි­යක් වන 14 හැවි­රිදි වියේ පසු වූ පෙම්ව­තිය පැහැ­ර­ගෙන ගොස් මාස හත­රක කාල­යක් තබා­ගෙන අප­හ­ර­ණය කර දූෂ­ණය කළ බව කියන තිස් දෙහැ­වි­රිදි පෙම්ව­තාට වසර විසි එකක බර­ප­තළ වැඩ සහිත සිර දඬු­ව­මක් සහ රුපි­යල් ලක්ෂ දෙකක වන්දි මුද­ලක් ගෙවන ලෙසට බළ­පි­ටිය මහා­ධි­ක­රණ විනි­සුරු රංග දිසා­නා­යක මහතා නියම කළේය.

මෙසේ සිර දඬු­වම් නියම වූයේ ඌර­ග­ස්මං­හ­න්දිය ලේන­ග­ල්ප­ළාත පදිංචි දුමින්ද දිනේෂ් ලිය­නගේ නමැති අයෙකි. මේ සිසු­විය සමඟ ප්‍රේම සම්බ­න්ධ­තා­වක් පව­ත්වා­ගෙන ගොස් තිබෙන මොහු 2019 ජූලි මස දහ­සය වැනි දින හෝ ඊට ආසන්න දින­යක පැහැ­ර­ගෙන ගොස් ඇඹි­ලි­පි­ටිය පනා­මුර ප්‍රදේ­ශයේ සිටි­යදී මාස හත­ර­කට පසු මව විසින් සොයා­ගෙන තිබේ.

මොහුට වරෙන්තු නිකුත් කර තිබිය දී පනා­මුර පොලි­සි­යෙන් ඉකුත් ජන­වාරි පස් වැනි දින අත්අ­ඩං­ගු­ව­ට­ගෙන ඌර­ග­ස්මං­හ­න්දිය පොලි­සි­යට භාර දී තිබේ.

ඒ අනුව මොහු මැයි මස දෙවැ­නිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කෙරිණි.

බාල වය­ස්කාර දැරි­යක් පැහැ­ර­ගෙන යෑම, දූෂ­ණය කිරීම සහ අප­හ­ර­ණය කිරීම යන චෝදනා තුන­ටම වරද පිළි­ගත් හෙයින් වසර විසි එකක බර­ප­තළ සිර දඬු­ව­මක් ද, රුපි­යල් ලක්ෂ දෙකක වන්දි මුද­ලක් සහ එක චෝද­නා­වට රුපි­යල් පන්ද­හස බැගින් රුපි­යල් පහ­ළොස් දහ­සක දඩ මුද­ලක් ද ගෙවන ලෙස නියම කළේය. වන්දි මුදල නොගෙ­වන්නේ නම් වසර දෙකක සිර දඬු­ව­මක්ද, දඩ මුදල නොගෙ­වන්නේ නම් මාස තුන බැගින් සිර දඬු­ව­මක්ද විනි­සු­රු­ව­රයා නියම කළේය.

පැමි­ණිල්ල වෙනු­වෙන් රජයේ නීතිඥ තුපේ­ෂලා තිල­ක­රත්න මහ­ත්මිය පෙනී සිටි අතර ඌර­ග­ස්මං­හ­න්දිය පොලි­සියේ උප පොලිස් පරී­ක්ෂක ප්‍රසන්න උපුල් මහතා නඩුව මෙහෙ­ය­වීය.

අහු­න්ගල්ල – අනුර යස­මිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here