ටෙලිවිෂන් සෙට් එකක් ගන්නකොට මේ තාක්ෂණික කරුණු ගැනත් සැලකිලිමත් වෙමු – Saru News Media

0
9

ටීවී කියන්නේ සාමාන්‍යයෙන් සෑහෙන තරමින් විකිණෙන මෝස්ට් වෝන්ටඩ් ඉලෙක්ට්‍රොනික උපාංගයක්නේ. ඒ නිසා තමයි අපිට ඔය කන්සියුමර් ප්‍රොඩක්ට්ස් විකුණන වෙබ්සයිට් වල එහෙම වුණත් මුලටම ටීවී දකින්න ලැබෙන්නේ. දැන් ඉස්සර කාලේ ටීවී එකක් ගන්න එක ඇත්තටම සල්ලි තියෙනවා නං සරල කාරණාවක්. මොකද බ්‍රෑන්ඩ්ස් ගොඩක් තිබ්බෙ නෑ, ඔප්ෂන්ස් ගොඩක් තිබ්බෙ නෑ. හැබැයි දැන් එහෙම බෑ. දැන් කාලේ ටීවී එකක් ගන්න කලින් හොඳ රිසර්ච් එකක් කරන්න වෙනවා, තමන්ගේ වුවමනාවේ සහ බජට් එකේ හැටියට ටීවී එකක් තෝරගන්න. ඉතින් අන්න ඒ රිසර්ච් එකේදී අවශ්‍ය වෙනවා යම් යම් තාක්ෂණික කරුණු කාරණා ගැන හිතලා බලන්න. ඒ යම් යම් තාක්ෂණික කරුණු කාරණා ගැන අදහසක් ලබාදෙන්න තමයි මේ උත්සාහය.

 

මේක ඇත්තටම තමන් ටීවී එකෙන් ගන්න වැඩේ අනුව සහ ටීවී එක තියන අවකාශය, තමන් ටීවී එක බලන්න ඉන්න දුර වගේ දේවල් අනුව තීරණය වෙන දෙයක්. ඒ කියන්නේ, දැන් ගේම් ගහන්න වගේ දේකට අතිශයින්ම විශාල ටීවී ගත්තා කියලා වැඩක් නෑ. මොකද, වේගවත් ගේම් ප්ලේ එකක් තියෙන ගේම් එකක් විශේෂයෙන්ම ගත්තොත්, අතිවිශාල ටීවී එකක පෙන්නන තොරතුරු ඔක්කොම අපිට ඇහැට අහු කරගන්න බෑ.

හැබැයි ෆිල්ම් බලන්න වගේ දේකදී ඒ අවුල නෑ. හැබැයි ටීවී එකක සයිස් එක තමන් ඒ ටීවී එක තියන අවකාශය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, ලංකාවේ සාමාන්‍ය ගෙදරක තියෙන සාමාන්‍ය සාලෙකට ගැලපෙන ස්ක්‍රීන් සයිස් එක වෙන්නේ අඟල් 55 ත් අඟල් 65 ත් අතර ස්ක්‍රීන් එකක්. ඊට වඩා වැඩි එකක් තේරුමක් නෑ. 

ඒ ඇරෙන්න ඉතින් දැන් කාලේ ගොඩක් දෙනා යන ප්‍රශස්ත රූපවාහිනී තිර ප්‍රමාණය වෙන්නේ අඟල් 32. ලොකුත් නෑ පොඩිත් නෑ, ගාණ!

 

සාමාන්‍යයෙන් ඉස්සර ටීවී ගන්නකොට නං ඔය රිසොලුෂන් අනං මනං අපිට අදාළම නැති වුණත්, දැන් කාලේ අපි ඔය රිසොලුෂන් ගැන හිතනවා. හරි, අපි ලේසි විදියට මේ රිසොලුෂන් කඩා ගමු. සාමාන්‍යයෙන් අපි ඉස්සර බලමු DVD කොලිටිය කියන්නේ 720×480 ප්‍රමාණය. නරකම නෑ. එතකොට දැන් ගොඩක් වෙලාවට ජනප්‍රිය HD (High Defiition) කියන්නේ HD-Ready 720p නම් 1280×720 සහ Full-HD1080p නම් 1920×1080 කියන රිසොලුෂන්. ඊට පස්සේ තියෙනවා Ultra HD හෙවත් 4K රිසොලුෂන් එක. ඒ කියන්නේ 3840×2160. ඇත්තටම වර්තමානය වෙනකොට සෑහෙන්න පොදුවේ දකින්න පුළුවන් ටීවී එකක් තමයි මේක. ඉතින් වඩාත් ලොකු ටීවී එකකට යනවා නම් Ultra HD වලට යන එක හොඳයි. එහෙම නැතිනම් අඩු තරමින් Full-HD ටීවී එකක් ගන්න එක තමයි හොඳ. 

 

මේ HDR කියන එකත් සාමාන්‍යයෙන් ටීවී ටෝක්ස් වලදී අහන්න ලැබෙන දෙයක්. HIgh Dynamic Range කියලා තමයි කියන්නේ. එතකොට HDR වලින් කරන්නේ ඇත්තටම වඩාත් ඉහළ ඩයිනමික් රේන්ජ් එකක තියෙන වර්ණ, වඩාත් පුළුල් color gamut එකක් -ඒ කියන්නේ ටීවී එකට පෙන්නන්න පුළුවන් වර්ණ පරාසයක් සහ බොහෝ විට වඩාත් දීප්තිමත්, පැහැදිලි දර්ශන පෙන්නන එක. උදාහරණයක් විදියට කිවුවොත්, HDR තියෙන ෆිල්ම් එකක් HDR සපෝට් කරන ටීවී එකකින් බලන කොට කළු පාට එහෙම වඩාත් ගැඹුරු ගතියකින් පේනවා වගේම, අනික් වර්ණත් වඩාත් දීප්තියකින් පේනවා.

හැබැයි ඉතින් HDR ටීවී එකක් වැඩක් වෙන්නේ HDR අන්තර්ගතයන්ට විතරයි. ඉතින් අපිට HDR කොන්ටෙන්ට් බලන්න ලැබෙනවා කියලා දන්නවා නම්, HDR තියෙන ටීවී එකක් ගන්න එක හොඳයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here