තමන්ගේ බජට් එකට සහ අවශ්‍යතාවයට හරියටම හරියන ලැප්ටොප් එකක් ‍තෝරාගන්නේ මෙහෙමයි! – Saru News Media

0
19

දැන් කාලේ ලැප්ටොප් එකක් කා ගාවද නැත්තේ! දැන් කාලේ ලැප්ටොප් එකක් කාටද අවශ්‍ය නොවෙන්නේ! ඇත්තටම තොරතුරු තාක්ෂණ යුගයක ඉන්න අපි හැම දෙනෙක්ටම තමන්ගේ කියලා පරිගණකයක අවශ්‍යතාවය පැන නගිනවානේ. එතකොට ඉස්සර වගේ පීසී නැතිනම් පුද්ගල පරිගණක කියලා ඩෙක්ස්ටොප් පරිගණක ගන්න යුගය දැන් ඉවරයි. වැඩි දෙනෙක්ට පරිගණකයක් කියනකොට ඔලුවට එන්නේත් ලැප්ටොප්.

දැන් වෙළෙඳපොළේ ලැප්ටොප් බ්‍රෑන්ඩ් සෑහෙන්න තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් වලත් එක එක විදියේ, එක එක වැඩ කෑලි තියෙන, එක එක මිල ගණන් වලට ගන්න තියෙන ලැප්ටොප් තවත් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. දැන් ඔය අතරින් තමන්ට හරියටම ගැලපෙන ලැප්ටොප් එකක් ‍තෝරගන්නේ කොහොමද? ලැප්ටොප් එකක් ගන්න එක සෙල්ලමක් නෙවෙයි. මොකද ලක්ස බාගයක්, ලක්සයක් දීලා ලැප්ටොප් මැසිමක් අරගෙන තමන්ට හරියන්නෙ නැතිනම් ඊළඟ සතියේ තව එකක් ගන්නද? බැහැනේ. ඒ නිසා තමන්ගේ වැඩටත්, තමන්ගේ හිතටත්, තමන්ගේ පොකට් එකටත් හරියටම හරියන ලැප්ටොප් එකක් ගන්න උපදෙස් කීපයක් අපි ලබාදෙනවා.

 

මේක තමයි මුලින්ම හිතලා බලන්න ඕන ප්‍රශ්නය. ඩෙක්ස්ටොප් කම්පියුටර් එකක් නැතුව ලැප්ටොප් එකක් ගන්නේ ඇයි කියලා. හරි, දැන් කාලේ ට්‍රෙන්ඩ් එක ලැප්ටොප් තමයි. ලැප්ටොප් එකක් ඕනම තැනක අරගෙන යන්නත් පුලුවන්. ගෙදර මේසේ තියලා තිබ්බත් බොහොම පොඩි ඉඩක් යන්නේ. ඔය කරුණු ඇත්ත. හැබැයි ඩෙක්ස්ටොප් එකක තියෙන සමහර වාසි ලැප්ටොප් එකක නැහැ කියන එකත් මතක තියාගන්න ඕන. එකක් තමයි ලැප්ටොප් එකක බැටරිය බහිනවා. ලැප්ටොප් එකක් නැතිවෙන්න, උස්සන්න, වැටීමකින් එහෙම හානි වෙන්නත් ඉඩක් තියෙනවා. දැන් අලුත්ම ගේම් වලට ගැලපෙන්න කෑලි බෑලි දාලා ඩෙක්ස්ටොප් කම්පියුටර් එක අප්ග්‍රේඩ් කරගන්න පුලුවන්නේ. හැබැයි ලැප්ටොප් එහෙම බෑ.

දැන් ඔහොම වාසි අවාසි හිතලා බලලා, ඉන් පස්සේ හිතන්න වෙනවා තමන්ට ලැප්ටොප් එකක් අවශ්‍ය ඇයි කියලා. ඔ‍ෆිස් ගෙනියන්න, කැම්පස් ගෙනියන්න වගේ වැඩ සෙට් වෙනවා නම් ඉතින් ලැප්ටොප් එකක් තමයිනේ. ඇත්තටම ගොඩක් දෙනෙක් ලැප්ටොප් එකකට යන ප්‍රධාන කාරණය තමයි ඒක ජංගම වීම.

 

මෙන්න මේ කාරණාවට පිළිතුරු දීලා ඉන්න එක අත්‍යාවශ්‍ය වෙනවා, මෙතනින් එහාට තියෙන කරුණු කාරණා ගැන හිතන්න නම්. ලැප්ටොප් එකක් සල්ලි දීලා අරගෙන මොනවා කරන්නද හිතාගෙන ඉන්නේ?

සමහරුන්ට ලැප්ටොප් එකක් අවශ්‍ය වෙන්නේ ඔ‍ෆිස් එකේ වැඩ, ඉගෙන ගන්න වැඩ එහෙම කරන්න. ඒ අතරට සිංදුවක් අහන්න, ‍ෆිල්ම් එකක් බලන්න වගේ සීන් එකකුත් තියෙන්න ඕන. ඒ කියන්නේ වැඩි හරියක් ඔ‍ෆිස් පැකේජ් වල වැඩ, ඉන්ටර්නෙට් එකේ වැඩ සහ අනෙක් එන්ටර්ටේන්මන්ට් වැඩ තමයි සිද්ධ වෙන්නේ.

හැබැයි තවත් කෙනෙක්ට ලැප්ටොප් එක වුවමනා වෙන්නේ ග්‍රැ‍ෆික් ඩිසයිනින්ග්, ඇනිමේෂන් ඩිසයිනින්ග් සහ වෙනත් ඔය ඔටෝ කැඩ් වගේ සොෆ්ට්වෙයාර් වලින් කරන ඩිසයිනින්ග් වගේ දේවලට වෙන්න පුලුවන්. අන්න ඒ වගේ වැඩවලට ප්‍රබල දෘඩාංග සහ මෙහෙයුම් පද්ධතියක් තියෙන මැෂින් එකක් වුවමනායි.

දැන් ගේම් ගහන්න ලැප්ටොප් එකක් ගන්න අයටත් එහෙමයි. දැන් කාලේ වීඩියෝ ගේම් වලටම හදපු ලැප්ටොප් තියෙනවා.

ඉතින් මේ වගේ තමන්ට ලැප්ටොප් එකක් අවශ්‍ය වෙන්නේ මොනවා කරන්නද, තමන් ලැප්ටොප් එකෙන් ගන්න වැඩ මොනවද කියලා තීරණය කරන්න වෙනවා ඔක්කොටම කලින්.

 

පිටකො‍ටුවේ ඕනම කෑල්ලක් දෙසීයයි ගොඩකින් ඩෙනිමක් ගන්න, රුපියල් තුන්සීයට පේමන්ට් එකෙන් සන්ග්ලාස් කුට්ටමක් ගන්න ඩයල් එකක් වුනත් ලැප්ටොප් එකක් ගන්න ගියහම බ්‍රෑන්ඩ් ගැන කථා කරනවා. හැබැයි ඒක සාධාරණ දෙයක්. මොකද ඔය එක එක ලැප්ටොප් බ්‍රෑන්ඩ් එක එක දේවලට ප්‍රසිද්ධයි. උදාහරණයක් විදියට ඇපල් උපාංග ඩිසයිනින්ග් වලට වටිනවා කියලා මතයක් තියෙනවා. HP වැඩට සුපිරි හැබැයි රත් වෙනවා කියලා කියනවා. ඒසර් වගේ බ්‍රෑන්ඩ් බැලන්ස් වගේම සාපේක්ෂව ලාභදායී කියලත් කියනවා. හැබැයි දැන් වෙනකොට එහෙමම කියන්නත් බෑ. මොකද හැම ලැප්ටොප් නිෂ්පාදකයෙක්ම උත්සාහ කරන්නේ හැම අතින්ම ඉහළ උපාංග වෙළෙඳපොළට එවන්න. අන්න ඒ නිසා දන්න බ්‍රෑන්ඩ් එකකින් ‍තෝරගත්තහම හරි. ජීවිතේට අහලා නැති බ්‍රෑන්ඩ්, බ්‍රෑන්ඩ් නැති චයිනීස් ලැප්ටොප් වලට එහෙම නොයන එක නුවණට හුරුයි.

 

මේ අහන්නේ ස්ක්‍රීන් සයිස් එක ගැන. ඒකත් තීරණය වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවය මත. නිරන්තරයෙන් එහා මෙහා ගෙනියන්න වෙන ලැප්ටොප් එකක් නම් වඩා කුඩා තිර ප්‍රමාණයකට යන එක සුදුසුයි. ඕනෑ නම් ඉතාම පොඩි සයිස් එකේ ඇටම් ප්‍රොසෙසරයක් තියෙන නෝට්බුක් එකක් වුනත් ඒ වගේ දේකට ගැලපෙයි. හැබැයි ඉතින් ඩිසයිනින්ග් කරන, ‍ෆිල්ම් එකක් බලන, ගේම් එකක් ගහන වගේ වැඩ වලට නම් විශාල තිර ප්‍රමාණයේ ලැප්ටොප් එකක් තමයි ගැලපෙන්නේ. දැන් අඟල් 17.3 වගේ විශාල ලැප්ටොප් වුනත් තියෙනවා. හැබැයි ඉතින් විශාල ලැප්ටොප් තිර වලින් සුලභ වෙන්නේ අඟල් 15.6 ප්‍රමාණය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here