'තරණය' කෘතිය දොරට වඩී – Saru News Media උණුසුම් පුවත්

0
16

අභියෝග හමුවේ නොසැලුණු තරණය ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘතයේ තිලංග මුද්‍රාව කෘතිය දොරට වැඩීම ඊයේ කොළඹදී සිදුකෙරුණා.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවූ මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ පාකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් මහතායි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මැකීගිය වටිනා මතක සටහන් අන්තර්ගත කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇති අතර ප්‍රවීණ මාධ්‍යවේදී දමින්ද විජේසුන්දර මහතා විසින් එම ග්‍රන්ථය රචනා කර තිබෙනවා.

මෙහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ පාකිස්තානු හිටපු  වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම්  ශ්‍රී ලංකාව සහ ඔහු අතර පැවති සම්බන්ධය පිළිබඳව සිය මතකය අවදි කළා.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් , පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් , ශ්‍රී ලංනාව නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයින් , කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here