Google search engine
Home ගොසිප් පුවත් තැන තැන නඩු රැසකට අවශ්‍යව සිටි නේවි රුවන් අත්අ­ඩං­ගු­වට

තැන තැන නඩු රැසකට අවශ්‍යව සිටි නේවි රුවන් අත්අ­ඩං­ගු­වට

0
17

nevy-ruwan-arrested

මනුෂ්‍ය ඝාතන රැස­කට සම්බන්ධ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වෙකු වන නේවි රුවන් නොහොත් ලෝකල් රුවන් නැමැත්තා අත්අ­ඩං­ගු­වට ගත් බව මනුෂ්‍ය ඝාතන සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන අංශය කියයි. ජුල­ම්පි­ටිය ගල්වා­ඩිය තණ­කොළ දෙණිය පාරේ නිව­සක සැඟව සිටි­යදී අයිස් මත්ද්‍රව්‍ය මිලි­ගෑම් 6000 ක් සමඟ සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මිද්දෙ­ණිය පොලිස් වස­මට ගොස් විම­ර්ශන රාජ­කා­රි­යගේ යෙදී සිටි­යදී පොලිස් පරී­ක්ෂක ගයන්ත නිල­ධා­රියා වෙත ලද රහ­සි­ගත තොර­තු­ර­කට වැට­ලීම සිදු කර ඇත.

සැක­කරු එම ප්‍රදේ­ශයේ නිව­සක සැඟව සිටි­මින් මත්ද්‍රව්‍ය ජාවා­රම සිදු­ක­රන බවත් ඔහු සතුව පිස්තෝල වර්ගයේ ගිනි අවි­යක් ඇති බවට හා ඔහු සැඟවී සිටින නිව­සට විවිධ අව­ස්ථා­ව­ලදී අප­රා­ධ­ක­රු­වන් පැමිණ සැඟවී සිටින බවට ලද තොර­තුරු අනුව එම නිවස වටලා පරීක්ෂා කර සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය කියයි. සැක­ක­රු­ගෙන් සිදු කළ ප්‍රශ්න කිරී­මේදී ටි 56 ගිනි අවි­යක් සන්ත­කයේ තබා ගැනීම ඔහුට විරු­ද්ධව අවි­ස්සා­වේල්ල මහා­ධි­ක­ර­ණයේ නඩු­වක්ද හම්බ­න්තොට ඇඹි­ලි­පි­ටිය හා මාතර මහා­ධි­ක­ර­ණ­වල මනුෂ්‍ය ඝාතන පහක් සිදු කිරීම සම්බ­න්ධ­යෙන් නඩු කිහි­ප­යක ඇප මත සිටින පුද්ග­ල­යකු බවට වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වූ බව පොලි­සිය කියයි.

සැක­ක­රුට අයිස් මත්ද්‍රව්‍ය ලද ආකා­රය සම්බ­න්ධ­යෙන් හා ඔහු මේ වන විට සිදු­කර සිදු­කර ඇති හෙළි නොවූ අප­රාධ සම්බ­න්ධ­යෙන් අනා­ව­ර­ණය කර ගැනීම සඳහා දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලි­සිය කියයි. 45 හැවි­රිදි සැක­කරු ඇඹි­ලි­පි­ටිය අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී මංගල දෙහි­දෙ­ණිය, මනුෂ්‍ය ඝාතන හා සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන ඒක­කයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී අධි­කාරී ලකී රන්දෙ­ණිය මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත පොලිස් පරී­ක්ෂක ගයන්ත උප පොලිස් පරී­ක්ෂක සිල්වා පොලිස් සැර­යන් 70701 සම්පත් පොලිස් කොස්තා­පල් වරුන් වන 97797 පෙරේරා 76757 රණ­තුංග මහ­ත්වරු පරී­ක්ෂණ පව­ත්වති.

බණ්ඩා­ර­ගම බිමල් ජය­සිංහ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here