2024 සංචාරක පැමිණීම ලක්ෂ 7 1/2 ඉක්මවයි

0
22

2024 අප්‍රේල් මාසයේ පළමු දින 25 තුළ දී විදෙස් සංචාරකයින් 121,595 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 757,379 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අප්‍රේල් මාසයේ පළමු දින 25 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 18% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 21,324 කි.

මීට අමතරව රුසියාවෙන් 12,807ක්, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 11,626ක් සහ ජර්මනියෙන් 8,565ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

The post 2024 සංචාරක පැමිණීම ලක්ෂ 7 1/2 ඉක්මවයි appeared first on Saru News Media | Sri Lanka Business News.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here