දකුණට – වයඹට නව ආණ්ඩුකාරවරු

0
11

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් ද මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ විලි ගමගේ මිට සතියකට පමණ පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්විය. 

දකුණු පළාතේ නව ආණ්ඩුකාරවයා ලෙස පත් කෙරුණු ලක්ෂ්මන් යාපා අබේවර්ධන සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීම ගාල්ලේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී හෙට(03) සිදු කිරීමට නියමිතයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here