දින 56න් ඉන්දියාවේ සිට තෙල් නලයක්.. රාමාගේ කෝවිල් මෙහෙ හැදෙනවා.. බුදුන් වහන්සේට ආතක්පාතක් නැති වෙනවා..

0
14

අද ජනතාවට අවශ්‍යව ඇත්තේ “රටේ ස්වෛරීභාවය පාවාදී ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත් කිරීමේ පරගැති ගමන ආපසු හරවා, රට, දැය නැවත නියම මාවතට රැගෙන ඒමට හැකි” සැබෑ ජනාධිපති අපේක්ෂකයකු යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා සම සමාජ පක්ෂය, විජය ධරණී ජාතික සභාව හා ‘යුතුකම’ ජාතික සංවිධානය යන උත්තර ලංකා සභාගයට අයත් දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල ද ඉහත පක්ෂවලට අනුබද්ධ වෘත්තීය සමිතිවල ද සහභාගිත්වයෙන්  කිරුළපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැති “77න් ඇරඹි පරාධීන ආර්ථික ගමනට එරෙහි එක්සත් මැයි රැලිය” අමතමින් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

මීට අමතරව උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, සම සමාජ පක්ෂයේ ලේකම් ඩබ්ලිව්. අබේසේන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සභාපති, නීතිඥ නිමල් ආර්. රණවක යන දේශපාලන පක්ෂ නායකයෝ සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් එච්. ඩී. ආර්. අතුල, එක්සත් වතු කම්කරු සමිතියේ සභාපති ඒ. මුත්තුලිංගම්, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී. එච්. එස්. ශාන්තප්‍රිය යන අනුබද්ධ වෘත්තීය සමිතිවල නායකයෝ ද මෙම එක්සත් මැයි රැලිය අමතා අදහස් දැක්වූහ.

මෙහිදී මෙම එක්සත් මැයි රැලියේ “ප්‍රතිපත්තිමය යෝජනාව” ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය විසින් ද “පලස්තීන සහයෝගීතා ප්‍රකාශය” ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් ද මෙම එක්සත් මැයි රැලියේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අතර ඒවාට අනුමැතිය ලැබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේද සඳහන් කළේය.

ප්‍රගතිශීලී ජනතාවගේ අධිෂ්ඨානය

“ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට ඇදවැට්ටුවාට පස්සේ, ඒ අර්බුදය වවාගෙන කන, පාලක පැළැන්තියක් හමුවේ, ඊට අභියෝග කිරීම සඳහා නිවැරදි ගමන් මගක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණය ඒ නිවැරදි ගමන් මඟ තීරණය කරන ඓතිහාසික අවස්ථාව බවට පරිවර්තනය කිරීම සඳහා, මේ රටේ වැඩ කරන ජනතාව ප්‍රමුඛ දෑහිතකාමී, ප්‍රගතිශීලී ජනතාවගේ අධිෂ්ඨානය තමයි අද මේ කිරුළපන ක්‍රීඩාංගණයේදී බලමුළු ගැන්වෙන්නේ.

දිනන කෙනාට ‘කට්ට’ විතරයි

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමන්ට ලැබුණු 69 ලක්ෂයක ජනවරමට පස්ස හරවලා, ‘ඔටුන්න’ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පළන්දලා අද ඒ ජනවරමට පටහැනි ගමනක් යන්න ලයිසන් එකයි දීලා තියෙන්නේ. සමහරු බලන් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණය තිබ්බාම ඒ ඔටුන්න එයාගෙන් බාරගන්න. ඒත් බාරගන්න රටක් ඉතිරි කරලා නොවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණය තියන්න යන්නේ; ‘අලියා ගිල්ල දිවුල’ බවට මේ රට පත්කරලයි එයා ජනාධිපතිවරණය තියන්න යන්නේ. දිනන කෙනාට කට්ට විතරයි, ‘මදය’ ඒ වනවිටත් විදේශ බලවේගවල බඩේ.

නමුත් ජනාධිපති වෙන්න බලාගෙන ඉන්න උන්දැලාගේ වේදිකාවල මේ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. දැන් ‘රතු මැයි රැලිය’ කියලා එකකුත් නැහැ, වෙන මොකක්දෝ එකක් තමයි තියෙන්නේ. අද ඉතිහාසයේ අන් කවරදාටත් වැඩියෙන් මේ රටේ ආර්ථික මර්මස්ථාන විකුණන් කෑම ඉදිරියට යනවා. බලශක්ති සුරක්ෂිතතාව ලංකාවට අහිමි කරමින් ඉන්නවා. විදුලි බල මණ්ඩලය කෑලි 12කට කඩලා, ඉන්දියාව ඇතුළු රටවල සමාගම්වලට කුණුකොල්ලෙට විකිණීමට සූදානම් කරගෙන යනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here