දිලිත් පැල බෙදයි..

0
17

මහවැලි සහ කැළණි ගංගා ජල පෝෂක ප්‍රදේශවල රෝපණය කිරිම සදහා පලතුරු පැළ බෙදා දිදේ උත්සවයක් මව්බිම් ජනතා පක්ෂයේ නායක සහ ව්‍යවසායක දිලිත් ජයවිර මහතාගේ ප්‍රධානත්වයෙන් (04) දින ගිනිගත්හේන ශ්‍රි අභිනවාරාම විහාරස්ථානයේදි සිදු කෙරිණ.

ගිනිගත්හේන ජාතික පාසලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රිජිත් මහතා සහ එම පාසලේ පරිසර ඒකකයේ ළමුන් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

විහාරස්ථානය වෙත පැමිණි දිලිත් ජයවිර මහතාව එම පාසලේ අචාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසින් විසින් පිලිගැනිමෙන් අනතුරුව පාසල් ළමුන්ට සහ ප්‍රදේශවාසින්ට ජල පෝෂක ප්‍රදේශවල රෝපණය කිරිම සදහා පැළ බෙදා දිම සිදු කෙරිණ.

මෙම වැඩසටහනේදි අදහස් දැක් වු මව්බිම් ජනතා පක්ෂයේ නායක සහ ව්‍යවසායක දිලිත් ජයවිර මහතා කියා සිටියේ මේ රටේ පරිසරය භාරව කටයුතු කල ඇමතිවරුන් පරිසර පද්ධතිය සම්පුර්ණයෙන්ම විනාශ කර ඇති බවයි.

විනාශ කර ඇති පරිසර පද්ධතිය නගා සිටවිම අප කාගෙත් යුතුකම බවයි ඒ මහතා කියා සිටියේ.

පැළ බෙදා දිමේ උත්සවයෙන් අනතුරුව එම විහාරස්ථානය වෙත පැමිණ සිටි පිරිස සමග දිලිත් ජයවිර මහතා  සුහද සාකච්ඡාවක නිරත විය.

– රංජිත් රාජපක්ෂ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here