දෙන්නත් එක්ක ගිහින් නිදහසේ දවසක් ගත කරන්න පුලුවන් බජට් හොටෙල්ස් 7ක් – Saru News Media

0
6

දැන් දෙන්නත් එක්ක ලව් සීන් එකේ හිටියට ගොඩක් වෙලාවට ලව් එක නැගලා යන්නේ ඕවර් ද ෆෝන් නේ. දෙන්නත් එක්ක හදිසියේ මුණගැහුනත් ඉතින් ඒක ඔය පොඩි වෙලාවකට කරදාසිය ලිපේ දැම්මා වගේනේ. සමහරුන්ට එහෙමටවත් මුණගැහෙන්න වෙන්නෙ නෑ. ඉතින් ඔහොම ලව් එක නැගලා ගියාට හැබෑවට දෙන්නව දැකලා, පොඩ්ඩක් වාඩි වෙලා කතා බස් කර කර ඉඳලා, කෑම ටිකක් කාලා, රිලැක්ස් එකේ වරුවක් දෙකක් ඉඳලා එන්න තියෙනවා නම් කොයි තරම් දෙයක්ද නේ? හැබැයි ඉතින් මේ සිරිලංකාවේ එහෙම තැනක් හොයාගන්න එකත් ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒකනේ ඔය ආදරවන්තයෝ ගල්කිස්සේ මූදු වෙරළේ ගල් අස්සේ, එතකොට වැල්ලවත්තේ වැටකෙයියා පඳුරු අස්සේ ලව් කරන්න තැන් හොයන්නේ. ඉතින් ආන්න එහෙම දුක් විඳින ආදරවන්තයෝ ගැන හිතලා තමයි අපි සමාජ සත්කාරයක් විදියට සලකලා දෙන්නත් එක්ක ගිහින්, රිලැක්ස් එකේ ඉඳලා, කාලා බීලා එන්න පුලුවන් ඩීසන්ට් හොටෙල් කීපයක් ගැන කියන්න හිතුවේ. සාපේක්ෂව බලනකොට මේවල මිල ගණන් වුනත් ඉතාම අඩුයි කියන්න පුලුවන්.

 

මීගමුවේ සාන්ත අන්‍තෝනි පල්ලිය සහ මාරිස්ටෙලා කොලීජිය අසලම පිහිටලා තියෙන අරලියා වයිට් හවුස් කියන්නේ උපරිම රුපියල් තුන්දහස් පන්සීයක්, හාරදහස් පන්සීයක් වගේ වෙනකොට බ්‍රෙක්ෆස්ට් එක්කම හොඳ ඩබල් රූම් එකක් ගන්න පුලුවන් තැනක්. නිදහසේ සැරිසරන්න උද්‍යානයකුයි ටෙරස් එකකුයි තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා උණු දිය උල්පතකින් නාන්න අවස්ථාවත්. ඕනෑ නම් දෙන්නට බයිසිකල් දෙකක් රෙන්ට් එකට අරගෙන රවුමක් ගහන්නත් ඉඩ කඩ තියෙනවා. මීගමුවේ බීච් පාක් එකට වගේම පරණ ඕලන්ද කො‍ටුවටත් කිලෝමීටර් කීපයයි.

දුරකථන: 0778932680

 

කොළඹ නගරය ඇතුළේ තියෙනවද නිස්කලංකව දවස ගත කරන්න තියෙන තැන්? නැත්තේ නැහැ, තියෙනවා. එයින් එක තැනක් තමයි මහසෙන් කියන්නේ. කොළඹ හතේ සීමාවේ තියෙන මහසෙන් එකේ ඉඳලා නිදහස් චතුරශ්‍රයට මිනිත්තු කීපෙකින් ඇවිදගෙන එන්න පුලුවන් දුර. සුන්දර උද්‍යානයක් මැද්දේ හිරු එළියෙන් නැහැවෙන ටෙරසයක් එක්ක තියෙන මෙතන රුපියල් පන්දහසේ ඉඳන් රුපියල් අටදහස විතර වෙනකල් සුඛෝපභෝගී කාමරයක් ගන්න පුලුවන්. සුවපහසුව සහ පහසුකම් එක්කම අති විශිෂ්ට උදෑසන ආහාරයකුත් මේ ගාණට ඇතුළත්.

දුරකථන: 0776529496 / 0719896539

 

ඉන්දියානු සාගරයට මුහුණ පාලා තියෙන වස්කඩුවේ සිට්‍රස් හොටෙල් එකේ සුපීරියර් රූම් එකක් ගන්න පුලුවන් රුපියල් නවදාහකට අඩුවෙන්. මේ රූම් එකක තියෙන බැල්කනියෙන් එලිය බලනකොට පේන්නේ ක්ෂිතිජය වෙනකල් පැතිරිලා තියෙන මහා සාගරය. මේ රූම් එකක් බොහොම සුඛෝපභෝගී, සුවපහසු සහිත පහසුකම් වලින් අනූන ඒවා. ඒ වගේම සිට්‍රස් හෝටලයත් බොහොම සුන්දරව නිර්මාණය කරලා තියෙන නිසා, නිස්කලංකව වාඩි වෙලා, කතාබහකට එකතුවෙලා ඉන්න තැනුත් බොහෝමයි. ඕනෑ නම් ඇවිදින්න යන්න බීච් එකත් තියෙනවා.

දුරකථන: 0347634634

 

වාද්දුව කියන්නේ කොළඹ ඉඳලා ලොකු දුරකින් පිහිටන නගරයක් නෙවෙයිනේ. හැබැයි කොළඹ කලබලයෙන් ඈත් වෙලා සුවදායක පරිසරයක් අත්විඳින්න පුලුවන් වාද්දුව පැත්තට ඇවිත්. වාද්දුවේ ගාලු පාරෙන් කිලෝමීටරයක විතර දුරින්, මුහුදු වෙරළට කිලෝමීටර එකහමාරක දුරින් පිහිටි කුඹුක්ගහවත්ත හොටෙල් කියන්නේ නිදහසේ දෙන්නත් එක්ක ගිහින් දවස ගත කරලා එන්න හොඳ ‍තෝරාගැනීමක්. අක්කර දෙකක විතර පොල් වත්තක් මැද හුදෙකලා වෙලා තියෙන මේ හොටෙල් එක ඇත්තටම තමන්ගේම ගෙදර වගේ ඉන්න පුලුවන් තැනක්. වායුසමීකරණය කරපු කොටේජ් එකක් රුපියල් හාරදහසකට අඩුවෙන් ගන්න පුලුවන් වෙනකොට, වායුසමීකරණය නොකළ කොටේජ් එකක් රුපියල් දෙදහසකට අඩුවෙන් ගන්න පුලුවන්.

දුරකථන: 077 662 8730

 

වාද්දුවේම තියෙන තවත් දැරිය හැකි මිලකට නවතින්න පුලුවන්, නිදහසේ දවසක් ගත කරන්න පුලුවන් හොටෙල් එකක් තමයි සෑන්ඩ් කාස්ල් කියන්නේ. මේ අයගේ රෙස්‍ටුරන්ට් එකෙන් කෑම බීම ලබාගන්න පුලුවන් වගේම ඕනෑ නම් පූල් එකේ කෙළිදෙලෙන් කාලයක් ගත කරන්නත් පුලුවන්. මෙතන තියෙන කාමර වල බැල්කනියට ගියහම ඈතට විහිදිලා තියෙන මහා සමුද්‍රයේ සුන්දර දර්ශනයක් අත්විඳින්න පුලුවන්. හැම කාමරයක්ම මනා සැපපහසුකම් වලින් පරිපූර්ණයි. මිල ගණන් වුනත් රුපියල් පන්දහසකින්, හයදහසකින් වගේ තමයි පටන් ගැනෙන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here